අවි ප්‍රචණ්ඩත්වයට ඇමරිකානු ජනතාවගේ දැඩි විරෝධය
2023-05-16 10:54:37
Share with:

ක්‍රමයෙන් උග්‍ර වෙමින් පවතින අවි ප්‍රචණ්ඩත්වය හමුවේ ගෙවුණු දින කිහිපයේ ඇමරිකාවේ බොහෝ ප්‍රදේශවල ජනතාව විරෝධතා පැවැත්වූ බව වාර්තා වේ. පසුගිය 13වැනි දා ඇමරිකාවේ Georgia ප්‍රාන්තයේ Atlanta නගරවැසි‍යෝ සිය ගණනක් වීදි බැස“තුවක්කු නොව ළමයින් සුරකිමු” වැනි සටන් පාඨ ඉදිරිපත් කරමින් අවි ප්‍රචණ්ඩත්වය පාලනය කිරීම ශක්තිමත් කරන ලෙස රජයෙන් ඉල්ලා සිටියහ. පසුගිය 14වැනි දා මව්වරුන්ගේ දිනය නිමිති කරගෙන ඇමරිකාවේ බොහෝ රාජ්‍ය නොවන සංවිධාන අවි ප්‍රචණ්ඩත්වයෙන් දරුවන් අහිමි වූ මව්වරුන් වෙනුවෙන් සැමරුම් උත්සව සංවිධානය කර ඇත.

ඇමරිකාවේ මෙන් බරපතල අවි ප්‍රචණ්ඩත්වයක් ලොව පුරා කිසිදු රටක මෙතෙක් වාර්තා වී නොමැත. සියලු දෙනා සතුව තුවක්කු සහිත සමාජයක සාමය හා සංහිඳියාව කිසිවිට නොමැති බව Washington Post පුවත්පත ද ඊයේ (15) ලිපියක් පළ කරමින් පෙන්වා දී තිබේ.

ගුවන් විදුලිය
20240423අඟහරුවාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම