සීතල යුධ චින්තනය ඔස්සේ චීන-රුසියා සබඳතාව සලකා බැලීම නිවැරදි පිළිගැනීමක් නොවන බව චීනය කියයි
2023-05-16 18:45:39
Share with:

සීතල යුධ චින්තනය ඔස්සේ චීන-රුසියා සබඳතාව සලකා බලන්නේ නම් නිවැරදි විනිශ්චයකට එළඹීමට නොහැකි බව චීනය පවසයි.

චීන ජාතිකාරක්ෂක අමාත්‍යංශ ප්‍රකාශක Tan Kefei මහතා මේ බව පැවසුවේ අද(16) පැවති මාධ්‍ය හමුවේ දීය.

ඇමරිකානු හමුදා ඒකාබද්ධ මාණ්ඩලික ප්‍රධානී Mark Milley මහතා පසුගිය දා පැවසුවේ චීනය හා රුසියාව යන රටවල් දෙක උපායමාර්ගික හමුදාමය සන්ධානය ඇති කිරීම සිය රටේ ප්‍රතිලාභ වලට අනුකූල නොවන බව යි. 

මේ සම්බන්ධයෙන් චීන ජාතිකාරක්ෂක අමාත්‍යංශ ප්‍රකාශකයා සඳහන් ‍කළේ චීන-රුසියා සබඳතාව සන්ධාන බිහි නොකිරීම මෙන්ම සටන් නොකිරීමේ පදනම මත බවයි. එමෙන් ම එය තුන්වැනි පාර්ශ්වයකට එරෙහි වන්නක් ද නොවේ. යම් පාර්ශ්වයක් යල් පැනගිය සීතල යුධ චින්තනයෙන් චීනය හා චීන-රුසියා සබඳතාව සලකා බලන්නේ නම් නිවැරදි විනිශ්චයන්ට එළඹීමට නොහැකි බව ද හෙතෙම කියා සිටී.

ගුවන් විදුලිය
20240328බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම