චීන හංගේරියා සබඳතා පිළිබඳ හමුවක්
2023-05-16 10:29:42
Share with:

චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ දේශපාලන කාර්යංශයේ සාමාජික, මධ්‍යම කාරක සභාවේ විදේශ කටයුතු කාර්යාලයේ අධ්‍යක්ෂ වං යී මහතා හා හංගේරියා විදේශ අමාත්‍ය Peter Szijjartoමහතා බෙයිජිංහිදී හමුවිය.

යුරෝපයේ උපායමාර්ගික ස්වාධීනත්වයට චීනය සහය දක්වන අතර, සීතල යුධ මානසිකත්වය යළි අනුගමනය කිරීම හා කණ්ඩායම් අතර ගැටුම් ඇති කිරීම යුරෝපයේ දිගුකාලීන සංවර්ධනයට හිතකර නොවන බව වං යී මහතා එම හමුවේදී පැවසීය. හංගේරියාව ඇතුළු යුරෝපා සංගමයේ සාමාජික රටවල් සමග බහුපාර්ශ්විකවාදය පොදුවේ රැක ගැනීම සහ ජාත්‍යන්තර සබඳතා ප්‍රජාතන්ත්‍රීය ලෙස ප්‍රවර්ධනය කිරීම ඉතා වැදගත් වනු ඇත. එමෙන්ම ගෝලීය පාලන පද්ධතිය වඩාත් සාධාරණ මෙන්ම යුක්ති සහගත මාවතක් ඔස්සේ වර්ධනය කිරීමට චීනය කැමැත්තෙන් සිටින බව වං යී මහතා එහිදී අවධාරණය කළේය.

හං‍ගේරියා-චීන සහයෝගිතාවය හා චීන-යුරෝපා සහයෝගිතාවය අවදානමක් නොව, වඩා හොඳ අවස්ථාවක් බවට පත් වනු ඇති බව හංගේරියා විදේශ අමාත්‍ය Peter Szijjarto මහතා එහීදී පැවසීය. චීනය හං‍ගේරියාවේ සිදු කරන ආයෝජනය ප්‍රමාණය ඉහළ නැංවීම අගය කරන අතර, තවදුරටත් චීනය සමග විවිධ ක්ෂේත්‍රවල පවතින සහයෝගිතාවයන් වැඩිදියුණු කිරීමට හංගේරියාව කැමැත්තෙන් සිටින බව ද හෙතෙම පෙන්වා දුන්නේය.

ගුවන් විදුලිය
20240419සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම