2024 වසරේ දී ශ්‍රී ලංකාව ධනාත්මක ආර්ථික වර්ධන වේගයක් අත්කර ගනු ඇතැයි ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පවසයි
2023-05-16 13:53:26
Share with:

ඇතැම් වැරැදි ප්‍රතිපත්ති හේතුවෙන් පසුගිය කාලයේ මෙරට ආර්ථිකය කඩා වැටීමකට ලක් වුවද ජාත්‍යන්තර මූල්‍ය අරමුදල යෝජනා කර තිබෙන ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීම තුළ ලක් රජය සාධනීය ප්‍රගතියක් අත්කරගෙන තිබෙන බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ආසියා හා පැසිෆික් දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ක්‍රිෂ්ණ ශ්‍රීනිවාසන් මහතා ප්‍රකාශ කරයි.

මෙම වසරේදී ශ්‍රී ලංකාවේ ආර්ථිකය සියයට 3කින් පමණ පහළ වැටීමක් සිදුවුවද එළඹෙන 2024 වසරේදී සියයට 1.5ක පමණ ආර්ථික වර්ධනයක් අත්කර ගනු ඇති බව ද ශ්‍රී ලංකාවේ ආර්ථිකය සවිමත් කිරීම සඳහා ඉදිරියටත් සහාය ලබා දෙන බව ද ක්‍රිෂ්ණ ශ්‍රීනිවාසන් මහතා ප්‍රකාශ කරයි.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විස්තීර්ණ ණය වැඩසටහන ශ්‍රී ලංකාවේ ආර්ථික අර්බුදය අවසන් කොට ස්ථාවරත්වයක් ගොඩනඟමින් තිරසර වර්ධන මාවතකට අවතීරණ වීම සඳහා සියලුම ශ්‍රී ලාංකිකයන්ට එක්ව කටයුතු කිරීමට අවස්ථාවක් වන අතර ඒ සඳහා සහාය ලබා දීමට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සූදානම් බව ද හෙතෙම ප්‍රකාශ කළේය.

ගුවන් විදුලිය
20241126අඟහරුවාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම