අප්‍රේල් මාසයේ චීනයේ ජාතික ආර්ථිකය යහපත් ප්‍රවණතාවයක් පෙන්නුම් කරයි
2023-05-16 14:46:59
Share with:

අප්‍රේල් මාසයේ ජාතික ආර්ථිකය යහපත් ප්‍රවණතාවයක් පෙන්නුම් කරන බව චීන ජාතික සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවේ දත්තවලින් ගම්‍ය වේ.

සේවා කර්මාන්තයේ නිෂ්පාදන දර්ශකය පසුගිය වසරේ අප්‍රේල් මාසයට වඩා සියයට 13.5කින් වැඩි වූ අතර, විශාල පරිමාණයේ කාර්මික නිෂ්පාදන කර්මාන්තයේ වර්ධන වටිනාකම වාර්ෂිකව සියයට 5.6කින් ද වැඩි වී ඇත. එම කාලය තුළ සමාජ පාරිභෝගික භාණ්ඩවල මුළු සිල්ලර විකුණුම්වල වටිනාකම චීන යුවාන් ට්‍රිලියන 3.5ක් පමණ වන අතර එය සියයට 18.4ක වර්ධනයකි.

සමස්ත විදේශ වෙළඳ වටිනාකම චීන යුවාන් ට්‍රිලියන 3.4ක් වූ අතර එය සියයට 8.9ක වැඩිවීමකි. රටේ නාගරික විරැකියා අනුපාතය සියයට 5.2ක් වූ අතර, එය මාර්තු මාසයට වඩා සියයට 0.1ක අඩුවීමක් ද පෙන්වයි.

මේ අතර පාරිභෝගික මිල දර්ශකය වාර්ෂිකව සියයට 0.1ක ඉහළ යාමක් පෙන්නුම් කර ඇත.

දළ වශයෙන් අප්‍රේල් මාසයේ චීනයේ ජාතික ආර්ථිකය සඳහා වන ධනාත්මක සාධක වඩාත් කැපී පෙනේ. කෙසේ වුව ද සංකීර්ණ ජාත්‍යන්තර තත්ත්වය හා දේශීය ඉල්ලුම ප්‍රමාණවත් නොවීම හමුවේ ආර්ථිකය ප්‍රකෘතිමත් වීමේ අභ්‍යන්තර ශක්තිය තවදුරටත් ඉහළ නැංවිය යුතු බව පෙන්නුම් කෙරේ.

ගුවන් විදුලිය
20240328බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම