රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිව්‍යුහගතකරණය කිරීම සම්බන්ධයෙන් ඉදිරි පියවර ගැනීමට කැබිනට් අනුමැතිය
2023-05-16 13:55:28
Share with:

රාජ්‍ය ආයතන ප්‍රතිව්‍යුහගතකිරීමේ ක්‍රියාවලිය කඩිනම් කළ යුතු බවත්, රට පත් වී තිබෙන ආර්ථික අර්බුදයෙන් ගොඩ ආ හැකි ප්‍රධානම මාර්ගය මෙම ප්‍රතිව්‍යුහගතකරණ ක්‍රියාවලිය බවත්  ප්‍රවාහන මහාමාර්ග, හා ජනමාධ්‍ය අමාත්‍ය සම කැබිනට් ප්‍රකාශක ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් අමාත්‍යවරයා මේ  බව පැවසීය.

වැඩිදුරටත් අදහස් දක්වමින් අමාත්‍යවරයා පැවසුවේ,  රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිව්‍යහගතකරණය කිරීම සම්බන්ධයෙන් ඉදිරි පියවර ගැනීම සඳහා මුදල් , ආර්ථික ස්ථායිකරණ සහ ජාතික  ප්‍රතිපත්ති අමාත්‍යවරයා වශයෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරිපත් කළ යෝජනාවට  කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමි  වූ බවයි.

ගුවන් විදුලිය
20241126අඟහරුවාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම