ආපදා තත්ව ඇතිවිය හැකි දිස්ත්‍රික්කවල විපතට පත් ජනතාව කඩිනමින් මුදාගැනීමට පියවර
2023-05-15 14:15:26
Share with:

පවතින අයහපත් කාලගුණය හමුවේ ගාල්ල,මාතර,රත්නපුර ඇතුලු දිවයිනේ ආපදා තත්ව ඇතිවිය හැකි දිස්ත්‍රික්කවල විපතට පත් ජනතාව කඩිනමින්  මුදාගැනීමට පියවර ගැනේ

 ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක මහතා විසින් ඊට අදාළ උපදෙස් ආරක්ෂක අංශවලට  ලබා දී තිබේ.

ත්‍රිවිධ හමුදාව,පොලීසියට සහ ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය එක්ව මෙම කටයුතු සිදු‍ කෙරේ. බොහෝ ප්‍රදේශවල ඇතිවී තිබෙන ගංවතුර බැසයාම කඩිනම් කිරීමට ගංගාවල මෝය කට හාරා පුළුල් කිරීමටත් ,විපතට පත්වන ජනතාව මුදාගැනීමට අවශ්‍ය බෝට්ටු සූදානමින් තබාගන්නා ලෙසත්,නායයාම් අවදානම් ඇති කලාපවල ජනතාව ඉන් ඉවත්කර ආරක්‍ෂිත ස්ථාන කරා රැගෙන යාමට සහ එම කටයුතු කඩිනමින් ඉටුකිරීමටත් අදාළ උපදෙස් ලබාදීම එහිදී සිදු කර තිබේ.

ගුවන් විදුලිය
20240419සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම