චීනයේ ආර්ථික වර්ධනයෙන් ලෝක ආර්ථිකයට ධනාත්මක බලපෑම්
2023-05-15 15:43:25
Share with:

චීනයේ ආර්ථික වර්ධනය ලෝක ආර්ථික වර්ධනයට ධනාත්මක කාර්යභාරයක් ඉටු කරන බව බ්‍රිතාන්‍ය ආර්ථික හා සමාජ පර්යේෂණ ආයතනය පවසයි.

එම ආයතනය පසුගියදා 2023 වසරේ වසන්ත කාලීන ආර්ථික ඉදිරි දැක්ම පිළිබඳ වාර්තාව නිකුත් කරමින්, ගෝලීය ආර්ථික වර්ධන පුරෝකථනය 2.5% දක්වා තරමක් ඉහළ නැංවීය. මෙම නැංවීමට ප්‍රධාන හේතුවක් වී ඇත්තේ, මෙම වසර ආරම්භයේදී චීන ආර්ථිකයේ ශක්තිමත් ජීව ශක්තිය වන අතර චීනයේ ආර්ථික වර්ධනය ලෝකයට ධනාත්මක බලපෑමක් එල්ල කරනු ඇතැයි එම ආයතනය වාර්තා කළේය.

චීන ව්‍යවසායන්හි විශාල පරිමාණ හා අධිගුණාත්මක නිෂ්පාදන යළි ආරම්භ වී  ඇති අතර ගෘහස්ථ පරිභෝජනය විශාල පරිමාණයෙන් වර්ධනය වී තිබේ. චීන දෙස්-විදෙස් සංචාරක ව්‍යාපාරය නැවත සමාද්ධිමත් කිරීමට ඉඩ සැලසී ඇතැයි ද එම ආයතනයේ නිලධාරියෙක් පැවසීය.

ගුවන් විදුලිය
20240420සෙනසුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම