චීන ජනාධිපතිවරයා ගේ සංකල්ප කාලීන මෙන්ම දූරදර්ශීයි
2023-05-15 17:03:00
Share with:

නව යුගයට ගැලපෙන පරිදි චීන ආර්ථික හා සමාජ සංවර්ධනය වෙනස් වෙමින් පවතී. තරඟකාරී ආර්ථික හා වෙළඳපොල රටාවක් තුළින් චීනයේ සංවර්ධනය අඛණ්ඩව ස්ථාවර අන්දමින් ඉදිරියට ගමන් කරමින් තිබේ. සමාජ සංවර්ධනයට නව තාක්ෂණාංගද මුසු කරමින් චීන සමාජයේ දියුණු වටපිටාවක් සැකසෙමින් ඇත. ගෙවුණු දශකය පුරා මෙම නව ගමන ඉතා පැහැදිලි මෙන්ම ශක්තිමත් අයුරෙන් දක්නට ලැබුණු බව චීන ශ්‍රී ලංකා ආර්ථික හා වාණිජ මණ්ඩල සභාපති බණ්ඩාර දිසානායක මහතා සඳහන් කරයි. චීන ජනාධිපති ෂී ජින්පිං මහතා චීන ලක්ෂණ සහිතව නව යුගයට ගැලපෙන ලෙසින් චීනය ඉදිරියට මෙහෙයවමින් සිටී. දේශීය සංවර්ධනය පමණක් නොව අන්තර් ජාතික වශයෙන් ද චීන‍යේ භූමිකාව කැපී පෙනේ. විශේෂයෙන් එක් තීරයක් එක් මාවතක් හරහා චීනය සෙසු රටවල සංවර්ධනයට දායකවෙමින් තිබේ. චීන ජනාධිපතිවරයා ඉදිරිපත් කළ මෙම සංකල්පය මෑත ඉතිහාසයේ විශාල පරිමාණ සංවර්ධන වැඩසටහනකි. එමගින් පොදු ඉරණමක් සහිත හවුල් අනාගතයක් යන්න ප්‍රායෝගික ලෙසින් ක්‍රියාවට නැංවීමට චීනය ඉදිරිපත් වී ඇතැයි ද දිසානායක මහතා සඳහන් කරයි. චීන ජනාධිපතිවරයා ගේ කාලීන මෙන්ම දූරදර්ශී ප්‍රතිපත්ති ඉන් වඩාත් පැහැදිලි වන බවද හෙතෙම පෙන්වා දෙයි.

ගුවන් විදුලිය
20240419සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම