චීන කාන්තාවන් හා සම්බන්ධ සමානත්ව සැලකීම්හී සංධිස්ථානාත්මක ජයග්‍රහණයක්
2023-05-15 16:58:03
Share with:

චීන කාන්තාවන් හා සම්බන්ධ සමානත්ව සැලකීම් සංධිස්ථානාත්මක ජයග්‍රහණයක් ලබා ගෙන ඇති බව චීනය පවසයි.

චීන විදේශ අමාත්‍යංශ ප්‍රකාශක Wang Wenbin මහතා මේ බව පැවසුවේ අද(15) පැවති නිත්‍ය මාධ්‍ය හමුවේ දීය.

චීන නියෝජිත කණ්ඩායම පසුගිය 12වැනි දා ස්විට්සර්ලන්තයේ ජිනීවා හි ’ කාන්තාවන්ට පටහැණි සියළු ආකාරයේ වෙනස් අයුරින් සැලකීම් පිටු දැකීමේ සම්මුතිය ’ චීනය ක්‍රියාත්මක කර ඇති තත්ත්වය පිළිබඳ 9වැනි නිත්‍ය වාර්තාව ඉදිරිපත් කළේ ය. එක්සත් ජාතීන්ගේ සංවිධානයේ කාන්තාවන්ට වෙනස් අයුරින් සැලකීම පිටු දැකීමේ කොමිෂම එහිදී එම වාර්තාව පරීක්ෂා කළේ ය.

මේ සම්බන්ධයෙන් චීන විදේශ අමාත්‍යංශ ප්‍රකාශකයා සඳහන් කළේ 2014 වසරේ සිට එවැනි පරීක්ෂා සිදු කර ඇති බවයි. ඉන් පසු කාන්තාවන්ගේ අයිතිවාසිකම් සුරැකීමේ නීතිමය පද්ධතිය චීන රජය තවදුරටත් තහවුරු කර ඇත. කාන්තාවන්ගේ සෞඛ්‍ය මට්ටම් ද සැලකිය යුතු අයුරින් ඉහළ නංවා තිබේ. එමෙන් ම, ගැහැණු ළමුන් හා කාන්තාවන්ට සමානාත්මතාවයෙන් යුතුව අධ්‍යාපනය ලබා ගැනීමේ අයිතීන් ද සහතික කර ඇති බව ද Wang Wenbin මහතා කියා සිටී.

ගුවන් විදුලිය
20240425බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම