Qiushi සඟරාව චීන ජනාධිපති ෂී ජින් පිං මහතාගේ වැදගත් දේශනයක් පළ කරයි
2023-05-15 16:40:39
Share with:

චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ ප්‍රධාන ලේකම්, ජනාධිපති ෂී ජින් පිං මහතා පක්ෂයේ 20 වැනි මධ්‍යම කාරක සභාවේ දේශපාලන මණ්ඩලයේ සිව්වන සාමූහික අධ්‍යයන රැස්වීමේ දී සිදු කළ දේශනය හෙට (16) ප්‍රකාශයට පත් කෙරෙන Qiushi සඟරාවේ 10 වැනි කලාපයේ පළ කිරීමට නියමිත ව තිබේ   .

නව යුගයක් සඳහා චීන ලක්ෂණ සහිත සමාජවාදය පිළිබඳ චින්තනය අධ්‍යයනය කර ක්‍රියාත්මක කිරීම යන තේමාව යටතේ සාමූහික ඉගෙනීමේ පරමාර්ථය වන්නේ ආදර්ශ භූමිකාවක් ඉටු කර, තේමාගත අධ්‍යාපනය තුළ නව යුගයේ චීන ලක්ෂණ සහිත සමාජවාදී මතවාදය අධ්‍යයනය කර ක්‍රියාත්මක කිරීම සඳහා සමස්ත පක්ෂයේම දායකත්වයෙන් ශක්තිමත් මතවාදී හා න්‍යායාත්මක පදනමක් පවත්වා ගැනීම බව එම දේශනය පෙන්වා දෙයි.

චීන කොමියුනිස්ට් පක්ෂ මධ්‍යම කාරක සභාවේ දේශපාලන මණ්ඩලයේ සියලු සාමාජිකයන්  විෂය අධ්‍යවනයේ දී ආදර්ශවත් විය යුතුයැයි ද පක්‍ෂයේ ප්‍රමුඛ කාර්ය මණ්ඩලය සෑම අංශයකින්ම ආදර්ශවත් අයුරින් ක්‍රියා කළ යුතුයැයි ද  එම දේශනයෙහි සඳහන් වේ. මෙය නායකත්වය ලබා දීමේ  සහ අදාළ කාර්යයන් ඉටු කිරීමේ ඵලදායී  ක්‍රමයකි.

ගුවන් විදුලිය
20240418බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම