චීන-එරිත්‍රියා ජනපතිවරුන් අතර හමුවක්
2023-05-15 19:09:08
Share with:

අද පස්වරුවේ චීන ජනාධිපති ෂී ජින් පිං මහතා චීනයේ නිල සංචාරයක නිරත එරිත්‍රියානු ජනාධිපති Isaias Afwerki සමඟ බෙයිජිංහිදී  සාකච්ඡා පැවැත්වීය.

චීනය සහ එරිත්‍රියාව අතර ගැඹුරු සාම්ප්‍රදායික මිත්‍රත්වයක් ඇති බව ජනාධිපති  ෂී ජින් පිං  මහතා එහිදී පෙන්වා දුන්නේය. දෙරට අතර රාජ්‍ය තාන්ත්‍රික සබඳතාවල 30 වැනි සංවත්සරය මෙම වසරේ මැයි 24 වැනිදාට යෙදෙයි. පසුගිය වසර 30 පුරාවට චීනය සහ එරිත්‍රියාව සැමවිටම එකිනෙකා කෙරෙහි විශ්වාසය තබා සහයෝගය දක්වා ඇතැයි පැවසු ෂී ජින් පිං මහතා කියා සිටියේ චීන-එරිත්‍රියා උපායමාර්ගික හවුල්කාරීත්වය නව තලයකට ගෙනඑමින් දෙරටේ සහෝදර සහ මිත්‍ර සබඳතා ගැඹුරු කිරීම සඳහා එරිත්‍රියා පාර්ශවය සමඟ කටයුතු කිරීමට චීනය කැමැත්තෙන් සිටින බවයි .

චීනය සමඟ සහයෝගීතාව ශක්තිමත් කිරීමට බලාපොරොත්තු වන එරිත්‍රියාව එරිත්‍රියා-චීන උපායමාර්ගික හවුල්කාරීත්වය තම රටේ ජාතික ආර්ථික හා සමාජීය සංවර්ධනයක් ළඟා කර ගැනීමට උපකාරි වනු ඇතැයි තමා විශ්වාසයෙන් සිටින්නේ යැයි ජනාධිපති Isaias Afwerki මහතා පැවසීය.

ගුවන් විදුලිය
20240417බදාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම