බස්නාහිර පළාත් සංවර්ධනයට අදාල සැලැස්ම ක්‍රියාත්මක කිරීම සඳහා කැබිනට් අනුකමිටුවක්
2023-05-15 14:13:25
Share with:

බස්නාහිර පළාත් සංවර්ධනයට අදාල සැලැස්ම ක්‍රියාත්මක කිරීම සඳහා කැබිනට් අනුකමිටුවක් පත් කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

එම සංවර්ධන සැලැස්ම ක්‍රියාත්මක කිරීමට අදාලව නව ආයතනයක් පිහිටුවීමට අපේක්ෂා කරන බවද හෙතෙම කීය.

රටේ ආර්ථිකයට සියයට පනහක පමණ දායකත්වයක් ලබාදෙන බස්නාහිර පළාත විධිමත් නගර සංවර්ධන සැලැස්මක් ඔස්සේ  පුළුල් සංවර්ධනයකට ලක් කළ යුතු බව අවධාණය කළ ජනාධිපතිවරයා අවිධිමත්ව සිදු කෙරෙන නගර සංවර්ධනය පසුව පාලනය කළ නොහැකි තත්ත්වයක් වනු ඇති බව ද පෙන්වා දුන්නේය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කළේ බස්නාහිර පළාත් මහ නගර සංවර්ධන සැලැස්ම පිළිබඳ අදාළ නිලධාරීන් සමඟ  ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවේදීය.

නැගෙනහිර පළාත සඳහා වු සංවර්ධන සැලැස්ම අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කරන ලෙස ද ජනාධිපතිවරයා මෙහිදී නිලධාරීන්ට උපදෙස් දුන්නේය.

ගුවන් විදුලිය
20240418බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම