වාසි තකා සන්ධානගත මිතුරන්ට පවා තර්ජනය කරන ඇමරිකාවේ අධිපතිවාදය
2023-05-15 11:28:45
Share with:

චීනයෙන් එල්ල වන ආර්ථික තර්ජනය හමුවේ ඒකමතිකව කටයුතු කරන ලෙස පසුගිය දා ඇමරිකානු භාණ්ඩාගාර ලේකම් Janet L. Yellen මහත්මිය ජී-7 කණ්ඩායමේ සාමාජික රටවලින් ඉල්ලීමක් කර තිබේ. ජාත්‍යන්තර සබඳතාවන්හි“තර්ජනය”යන වචනය භාවිත කිරීමට ඇමරිකාව දක්වන්නේ සුවිශේෂී උනන්දුවකි. එපමණක් නොව ඇමරිකාව බො‍හෝ වර එම වචනය ක්‍රියාවෙන් අර්ථ දක්වා ඇත. ඇමරිකාවට නම්“තර්ජනය”යනු සන්නද්ධ බලය, ‍දේශපාලන කොන් කිරීම, ආර්ථික සම්බාධක හා තාක්ෂණික අවහිරය වැනි ක්‍රමවේද මගින් අනිත් රටවල් ඇමරිකාවේ අවශ්‍යතාවන්ට අවනත වීමට බල කිරීම ය. ඇමරිකාවේ ආධිපත්‍යය උපරිමයෙන් රැක ගැනීම එහි අරමුණ වී තිබේ.

ආර්ථික හා වෙළඳ ක්ෂේත්‍රයේ චීනය ඇතුළු වෙනත් රටවලට එරෙහිව තර්ජනාත්මක පියවර ගැනීම ඇමරිකාවේ පුරුද්දකි. ඒ අතරින් තාක්ෂණික අවහිරය හා ඒකපාර්ශ්වික සම්බාධක ප්‍රධාන පියවරයන්ය. ඇමරිකාවේ සදාතනික මිතුරන් නැත. ඇමරිකාවේ ඇත්තේ සදාතනික වාසි පමණි. වාසි ලබාගැනීම ‍වෙනුවෙන් තමන්ගේ සන්ධාන සගයන්ට පවා ආර්ථික තර්ජන කිරීමට ඇමරිකාව නොපැකිලේ. පසුගිය 80 දශකයේ සිට ජපානයේ අර්ධ සන්නායක වැනි ප්‍රබල කර්මාන්ත මර්දනය කිරීමේ අරමුණින් ඇමරිකාව ජපානයට එරෙහිව බොහෝ වර ආර්ථික සම්බාධක පනවා ඇත. නුදුරේදී අර්ධ සන්නායක, කෘත්‍රිම බුද්ධිය හා ක්වොන්ටම් පරිගණනය ඇතුළු අධි තාක්ෂණික ක්ෂේත්‍ර ආවරණය කරමින් චීනයේ ආයෝජනය කිරීම සීමා කරන රෙගුලාසි පනවනු ඇතැයි මෑතකදී ඇමරිකාව ප්‍රකාශ කර තිබේ. ඇමරිකාව ‍සිය සන්ධාන මිතුරෙකු වන ජපානයට සලකන ආකාරය එසේ වී නම් ඇමරිකාව චීනයට ආර්ථික තර්ජනය එල්ල කිරීම පුදුමයක් නොවේ.

 

 

ගුවන් විදුලිය
20240419සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම