චීනය සහ මධ්‍යම ආසියානු රටවල් අතර සහයෝගීතා තවදුරටත් ගැඹුරු වෙයි
2023-05-15 11:12:09
Share with:

චීනය සහ මධ්‍යම ආසියානු රටවල් විවිධ ක්ෂේත්‍රවල සහයෝගීතා තවදුරටත් ගැඹුරු කරමින් සිටිති. මේ දක්වා, මධ්‍යම ආසියාව "එක් තීරයක් එක් මාවතක්" වැඩපිළිවෙළ උසස් මට්ටමෙන් ඒකාබද්ධ ඉදිකිරීමේ ආදර්ශන ප්‍රදේශයක් බවට පත්ව ඇත.

එළඹෙන 18, 19 වැනිදා, චීන-මධ්‍යම ආසියානු සමුළුව චීනයේ Shaanxi පළාතේ Xi’an හිදී පැවැත්වේ. Xi’an නගරය මධ්‍යම ආසියාවේ රටවල් පහටම ගුවන් සේවා විවෘත වන පළමු චීනයේ නගරය බවට පත්වනු ඇත. "ගුවන් සේද මාවත" දිනෙන් දින දියුණු වෙමින් පවතින අතර, මේ වසර තුළ උස්බෙකිස්තානයේ, කිර්ගිස්ථානයේ සහ කසකස්ථාකයේ අගනුවර තුනට Xi’an නගරය ගුවන් සේවා විවෘත කර තිබේ.

මේ වසරේ මුල් මාස හතර තුළ, චිනයේ Xinjiang ස්වායත්තයෙන් ධාවනය වන චීන-යුරෝපීය (මධ්‍යම ආසියාව) දුම්රිය සංඛ්‍යාව ද වාර්තාගත ලෙස ඉහළ ගියේය.

"එක් තීරයක් එක් මාවතක්" වැඩපිළිවෙළේ ජාත්‍යන්තර ආර්ථික සහ වෙළඳ සහයෝගීතාවයේ පළමු භෞතික ව්‍යාපෘතිය ලෙස, චීන-කසකස්ථාන Lianyungang ප්‍රවාහන හා ගබඩාකරණ ව්‍යාපෘතිය වසර 10 කට ආසන්න කාලයක් ක්‍රියාත්මක වී ඇති අතර, මධ්‍යම ආසියාවේ ප්‍රධාන ස්ථාන පූර්ණ ආවරණය කිරීම එමඟින් සක්ෂාත් කර ඇති බව වාර්තා වෙයි.

ගුවන් විදුලිය
20240726සකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම