චීනයේ නවීන කෘෂිකර්මාන්තය අධ්‍යයනය කිරීමට පිලිපීන රාජ්‍යතාන්ත්‍රිකවරියකගේ උනන්දුව
2023-05-14 17:25:38
Share with:

 චීන මාධ්‍ය සමූහයේ ආසියා අප්‍රිකා වැඩසටහන් නිෂ්පාදන මධ්‍යස්ථානය හා චීන කොමියුනිස්ට් පක්ෂයේ හූබෙයි පළාතේ ෂියංයං නගරයේ පක්ෂ කමිටුවේ ආරාධනාවකට අනුව චීනයේ පිලිපීන කෘෂිකර්ම කවුන්සලර්වරිය වන Ana GM B·Abejuela  මහත්මිය මැයි මාසයේ මුල් කාලයේ ෂියංයං නගරයේ නිරීක්ෂණ චාරිකාවකට එක් වුණා. එම නගරයේ නවීකරණ කෘෂිකර්මාන්තය පිළිබඳව ඇය විශේෂයෙන් විමසා බැලුවා.

එම සංචාරය නිම කිරීමට ආසන්න වූ විට, ෂියංයං නගරයේ කෘෂිකාර්මික අංශ හා අදාළ ව්‍යාපාරවල ප්‍රධානීන් සමග සාකච්ඡාවකට ද ඇය එක්වුණා. චීනයේ අත්දැකීම් මගින් පිලිපීනයේ කෘෂිකර්මාන්තයේ නවීකරණය කඩිනම් කිරීම පෙළඹවීම සඳහා තමා කටයුතු කරනු ඇති බව ඇය එහිදී සඳහන් කළා. කෘෂි නිෂ්පාදිත බෙදා හැරීමේ මධ්‍යස්ථාන ගොඩනැගීම, ග්‍රාමීය ප්‍රදේශයේ විද්‍යුත් වෙළඳාම පිළිබඳ ප්‍රවීණයින් පුහුණු කිරීම, නාගරික ගම්බද සම්බන්ධීකරණයෙන් යුතුව සංවර්ධනය කිරීම යනාදිය පිළිබඳව විශේෂයෙන් අධ්‍යයනය කිරීමට අපේක්ෂා කරන තමා, යළි වරක් ෂියංයං නගරයට පැමිණීමට බලාපොරොත්තු වන බව ද ඇය කියා සිටියා.

    Ana GM B·Abejuela මහත්මිය ෂියංයං නගරය ගැන දැන ගත්තේ, චීන මාධ්‍ය සමූහයේ ආසියා අප්‍රිකා වැඩසටහන් නිෂ්පාදන මධ්‍යස්ථානය විසින් එළිදැක්වූ ‘සිව් ඍතු ෂියංයං’ නමැති කෘෂි තේමා වාර්තා චිත්‍රපට මාලාව හරහා. එම වාර්තා චිත්‍රපටය හේතුවෙන් චීනයේ කෘෂිකර්මාන්තයේ නවීකරණය ගැන දැන ගැනීමට තමා තුළ දැඩි රුචියක් හා ආශාවක් ඇතිවූ බව ද ඇය සඳහන් කළා.  

ගුවන් විදුලිය
20240426සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම