IMF නියෝජිතයින් හා වෘත්තිකයින්ගේ වෘත්තීය සමිති එකමුතුව අතර සාකච්ඡාවක්
2023-05-14 16:43:36
Share with:

ශ්‍රී ලංකාවට පැමිණ සිටින ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජතයින් සහ වෘත්තිකයින්ගේ වෘත්තීය සමිති එකමුතුව අතර සාකච්ඡාවක් පැවැත්විණ. බදු ප්‍රතිපත්තිය සම්බන්ධයෙන් මෙහිදි විශේෂ අවධානයක් යොමුව ඇත. වෘත්තීය සමිති එකමුතුව සඳහන් කළේ, මේ සම්බන්ධයෙන් තවත් සාකච්ඡා වට කිහිපයක් පවත්වන බවයි

ඉහළ ගොස් ඇති බදු සම්න්ධයෙන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයින් දැනුවත් කළ බව වෘත්තීය සමිති එකමුතුවේ සාමාජික මහාචාර්ය අරුණ ශාන්තආරච්චි මහතා ප්‍රකාශ කළේය.

දේශීය ණය ප්‍රතිව්‍යුහගත කළ යුතු බවත් එසේ නොකළ හොත් විදේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීමට නොහැකි වන බව ද ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයින් මෙහිදී ප්‍රකාශ කර ති‍බේ.

ගුවන් විදුලිය
20240424 බදාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම