ඇමරිකාවේ බැංකු 700ක් පමණ මූල්‍ය අවදානමකට ලක්ව ඇති බව අනාවරණය වේ
2023-05-14 17:14:04
Share with:

ශේෂ පත්‍රයේ පාවෙන අලාභ විශාල ප්‍රමාණයක් තිබෙන ඇමරිකාවේ බැංකු 700ක් පමණ අවදානමට ලක්ව ඇති බව ඇමරිකානු ෆෙඩරල් සංචිතය  ප්‍රකාශ කරයි.

ඇමරිකානු ෆෙඩරල් සංචිතය පසුගිය දා නිකුත් කළ වාර්තාවකට අනුව, ඇමරිකාවේ බැංකු 700කට වැඩි ප්‍රමාණයකට ශේෂ පත්‍රයේ පාවෙන අලාභ විශාල ප්‍රමාණයක් තිබීම හේතුවෙන් දරුණු ආරක්ෂක හා ගෙවීම් හැකියාවේ අවදානමකට මුහුණ දීමට සිදුව තිබේ. අදාළ බැංකු වාර්තා කළ අලාභ ප්‍රමාණය, ඔවුන්ගේ ප්‍රාග්ධනයෙන් සියයට 50 සීමාව ඉක්මවා ගොස් ඇති බවද එහිදී සඳහන් කෙරිණ. ඇමරිකානු ෆෙඩරල් සංචිතය ප්‍රකාශ කළේ මුදල් ප්‍රතිපත්ති වෙනස් කිරීම හා පොලී අනුපාතය අඛණ්ඩව ඉහළ නංවීම යන සාධක හේතුවෙන් බැංකුවල ශේෂ පත්‍රවලට මෙම ඍණාත්මක බලපෑම් එල්ල වූ බවයි.

ඊට අමතරව, ඇමරිකානු ෆෙඩරල් සංචිතය විසින් නිකුත් කරන ලද වෙනත් වාර්තාවකට අනුව, ආර්ථීක ඉදිරි දැක්ම, ණය ගුණාත්මකභාවය, මූල්‍ය ද්‍රවශීලතාවය සහ තැන්පතු පිටතට ගලායාම පිළිබඳ කනස්සල්ල හේතුවෙන්, බැංකු විසින් දරනු ලබන අවදානම් අවම කිරීම සඳහා ඇමරිකානු බැංකුවලින් සියයට 46ක බැංකු, ණය පහසුකම් ලබා දීමේ ප්‍රමිතීන් ඉහළ නංවා ගැනීමට ද සැලසුම් කරමින් සිටී.

ගුවන් විදුලිය
20240419සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම