නව තාක්ෂණය සමග ඉදිරියට යාමට විශ්වවිද්‍යාල පද්ධතිය සූදානම් කරන බව ජනපති පවසයි
2023-05-14 16:44:38
Share with:

කෘත්‍රිම බුද්ධිය වැනි තාක්ෂණික දියුණුව සමඟ දැනුමේ විප්ලවයක් කරා මුළු ලෝකයම ගමන් කරමින් සිටින අවස්ථාවක, ඒ සමග ඉදිරියට යාමට විශ්වවිද්‍යාල පද්ධතිය සූදානම් කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ පසුගියදා(12) කොළඹ දී පැවති කොළඹ විශ්වවිද්‍යාලයේ 2023 ආදි විද්‍යාර්ථයින්ගේ හමුව අමතමිනි.

කොළඹ විශ්වවිද්‍යාලය වෙනුවෙන් සුවිශේෂී මෙහෙවරක් ඉටු කරන ආදි විද්‍යාර්ථයින් ඇගයීම සඳහා පිරිනැමෙන පළමු සම්මානයෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙහිදී පිදුම් ලැබීය.

සමස්ත විශ්වවිද්‍යාල පද්ධතියේම නව්‍යකරණයක් අවශ්‍ය බව මෙහිදී පෙන්වා දුන් ජනාධිපතිවරයා අධ්‍යාපන ක්ෂේත්‍රයේ මතුව ඇති ගැටලුවලට ලබාදිය හැකි කඩිනම් විසඳුම් පිළිබඳ සොයා බලන ලෙස ද කොළඹ විශ්වවිද්‍යාලයීය ආදි විද්‍යාර්ථයින්ගේ සංගමයෙන් ඉල්ලා සිටියේය.

ගුවන් විදුලිය
20240419සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම