ඉරාකයේ බොරතෙල් සංචිතය බැරල් බිලියන 10කින් ඉහළ‍ට
2023-05-14 16:41:40
Share with:

ඉරාකයේ බොරතෙල් සංචිතය බැරල් බිලියන 10කින් ඉහළ ගොස් ඇතැයි ඉරාක ඛනිජ තෙල් අමාත්‍යංශය පවසයි. ස්වභාවික වායු සංචිතය ද ඝන අඩි ට්‍රිලියන 8කින් වැඩි වී තිබේ‍.

ඉරාකය, ඛනිජ තෙල් අපනයනය කරන රටවල්වල සංවිධානයේ (OPEC) දෙවන විශාලතම තෙල් නිෂ්පාදකයායි. එරට මූල්‍ය ආදායමෙන් බොරතෙල් අපනයන ආදායම සියයට 90කට වඩා වැඩිය. OPEC සංවිධානයේ දත්තවලට අනුව, මේ දක්වා ඉරාකය සතුව පැවති බොරතෙල් සංචිතය බැරල් බිලියන 145 ක් පමණ වේ. මේ අතර, ඉරාකය නිකුත් කළ නවතම සංචිතයේ දත්ත වාර්තා තවමත් OPEC සංවිධානය විසින් සම්මත කර නොමැත.

ගුවන් විදුලිය
20240425බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම