රේගුවේ දී සිදුවන ප්‍රමාදයන් වැළැක්වීමට නව වැඩපිලිවෙළක්
2023-05-14 16:45:55
Share with:

රේගුවේ දී සිදුවන ප්‍රමාදයන් වැළැක්වීම සඳහා අවශ්‍ය සියලු පියවර ගන්නා බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි.

අද පැවති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් රාජ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශ කළේ, ලංකාවට විදේශ රටවලින් ගෙන එනු ලබන කන්ටේනර් කාණ්ඩ තුනකට වර්ග කර, දැඩි අවදානම් ඒවා අනිවාර්යෙන්ම භෞතික පරීක්ෂාවට ලක් කරන බවයි. කන්ටේනර් නිදහස් කර ගැනීම සඳහා රේගුව පැය 24ම රාජකාරී සිදු කරන බව ද හෙතෙම ප්‍රකාශ කළේය.

මේ වන විටත් ජනාධිපතිවරයාගේ නියමයෙන් වාර්තාවක් සකස්කරමින් සිටින බවත්, ඒ අනුව ඉදිරියේදී නව වැඩපිලිවෙළක් හඳුන්වා දීමට බලාපොරොත්තු වන බවද අමාත්‍යවරයා පැවසීය.

ගුවන් විදුලිය
20240426සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම