මවගේ අපේක්ෂාවන් වෙනුවෙන් කැප වූ නායකයෙක්
2023-05-14 15:30:57
Share with:

1969 වසරේ ජනවාරි මාසයේ දී වයස අවුරුදු දහසයක්වත් සම්පූර්ණ නොවූ ෂී ජින්පිං, සිය ගමන් මල්ලත් රැගෙන ශාන්ෂී පළාතේ ‘ලියංජ්‍යාහෙ’ ගම්මානයේ සේවයට පැමිණියේය. සැතපුම් දහස් ගණනක් ගමන් කිරීමට සිදු වූ සිය පුතු වෙනුවෙන් ආදරණීය මව වන චී ෂින් මහත්මිය, ‘මවගේ හදවත’ යන අකුරු ගෙත්තම් කර රෙදි බෑගයක් නිමවා එය සිය පුතුට තිලිණ කළාය. 

චී ෂින් මහත්මිය, සෑම විටම චාම් දිවි පෙවතක් ගත කරයි. එබඳු ගතිගුණ දූදරුවන්ට ලැබී ඇත්තේ ද ඇයගෙනි.

ගැමි පරිසරයක සිය ජීවිතය ගත කළ ෂී ජින්පිං මහතා, චීන කොමියුනිස්ට් පක්ෂයේ ශාන්ෂී පළාතේ ගම්මානයක ග්‍රාමීය ලේකම්වරයෙකු ලෙස ඇරඹි ගමන් මග තුළ, අද වන විට සුවිසල් චීනයේ උත්තරීතර නායකයා බවටත්, දස කෝටි සංඛ්‍යාත ජනතාවගේ ආදරය දිනා ගත් නායකයෙකු බවටත් පත් ව සිටියි. ඔහු ‍දිවා රෑ නොතකා වෙහෙස මහන්සියෙන් සිය රාජකාරී කටයුතුවලට කැපවී සිටින්නේ මවගේ බලපෑම් හා දිරිගැන්වීම් නිසා බව කිව යුතුමය.

චී ෂින් මහත්මියගේ බලාපොරොත්තුව, සිය පුතු එකසිතින්ම රාජකාරී කටයුතුවලට කැපවෙමින් සිය විශේෂ, වැදගත් වගකීම් මනාව ඉටු කිරීමයි. මවගේ අපේක්ෂාවන් ෂී ජින්පිං මහතාට  කිසිදා අමතක වූයේ නැත. “දෙමව්පියන්ට ආදරය කරන්නාක් මෙන් ජනතාවට ද ආදරය කළ යුතුයි. ජනතාව‍ගේ සුබසෙත වෙනුවෙන් කටයුතු කරමින්, ජනතාවට වඩා යහපත් ජිවිතයක් ළඟා කර දිය යුතුය” යන්න ෂී ජින්පිං මහතාගේ පරමාර්ථයයි.

ජනතාව අතරින් පැමිණි ෂී ජින්පිං මහතා සෑම විටම ජනතාව සිය හදවතෙහි ප්‍රමුඛස්ථානයේ තබමින් කටයුතු කරයි. ඔහු රටේ කෝටි සංඛ්‍යාත පවුල් හා දස කෝටි සංඛ්‍යාත ජනතාවගේ ජීවිතය යහපත් කරලීමට පරාර්ථකාමීව රාජකාරී කටයුතුවල කැපවීමෙන් නියැළී සිටියි. ඔහු එසේ ජනතාවගේ බලාපොරොත්තු කඩනොකරමින් සිය රාජකාරී ඉටු කරනුයේ සිය ‘මවගේ හදවතට’ සැනසීමක් එක් කිරීමේ අපේක්ෂාවක් ද සහිතවය. 

ගුවන් විදුලිය
20240423අඟහරුවාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම