කසකස්ථාන ජනාධිපතිවරයා චීන මාධ්‍ය සමූහය සමග සම්මුඛ සාකච්ඡාවකට එක්වේ
2023-05-13 15:44:55
Share with:

කසකස්ථාන ජනාධිපති Kassym-Jomart Tokayev මහතා මෑතකදී චීන මාධ්‍ය සමූහයේ සම්මුඛ සාකච්ඡාවකට එක්විය. කසකස්ථානයේ සංවර්ධනය පිලිබඳව අදහස් දැක්වමින් ජනාධිපතිවරයා පැවසුවේ කසක‍ස්ථානය යුරෝපා-ආසියා මහද්වීපයේ කේන්ද්‍රස්ථානය  බවට පත්වනු ඇතැයි තමන් බලාපොරොත්තු  වන බවයි.

වෙළඳ මාර්ගයන් සම්බන්ධ කිරීම සහ කලාපීය හා ජාත්‍යන්තර සබඳතාව සමබරව පවත්වා ගෙන යාමේ දී කසකස්ථානය වැදගත් දායකත්වය ලබා දෙයි. කසකස්ථානයට සුන්දර අනාගතයක් හිමි වනු ඇතැයි හෙතෙම දැඩි ලෙස විශ්වාසය ද පළ කළේය.

කසකස්ථානය ඉදිරියේදී සමෘද්ධිමත් ආර්ථිකයක් සහිත සංවර්ධිත රටක් බවට පත්කිරීම දැඩි උත්සාහයෙන් යුතුව ප්‍රවර්ධනය කරන බව හෙතෙම කියාසිටියේය.

චීන-කසකස්ථාන සබඳතාවය විදේශ ප්‍රතිපත්තියේ ඉතා වැදගත් ස්ථානයක් ගන්නා බව ද කසකස්ථාන ජනාධිපති Kassym-Jomart Tokayev මහතා ප්‍රකාශ කළේය. 2019 වසරේ සැප්තැම්බර් මස නිරත වූ චීනයේ නිල සංචාරය අතරතුරදී ඔහු හා චීන ජනාධිපති ෂී ජින්පිං මහතා හමු වෙමින් ‍අන්‍යෝන්‍ය වාසි මෙන්ම පොදු ජයග්‍රහණය සහිත සහයෝගිතාව ප්‍රවර්ධනය කිරීම හා දෙරටේ ජනතාව අතර හුවමාරු සබඳතා ශක්තිමත් කිරීමට එකඟ වූහ. දෙපාර්ශ්වයේ උපායමාර්ගික හවුල්කාරී සබඳතාව පදනම් කර ගෙන දෙරටේ සදාකාලික මිතුදම සුරක්ෂිත කළ යුතු යැයි ද එය කසකස්ථාන ජනතාවගේ දිගුකාලීන යහපතට වැදගත් වන අතර, එම ප්‍රතිපත්තිය දැඩි ලෙස අනුගමනය කරනු ඇතැයි ද ඔහු ප්‍රකාශ කරයි.

එළඹෙන චීන-මධ්‍යම ආසියා සමුළුව පිළිබඳව Kassym-Jomart Tokayev මහතාට ඉහළ අපේක්ෂාවක් තිබේ. චීනය ක්‍රමයෙන් මධ්‍යම ආසියාවේ වැදගත් දායකත්වය ලබා දෙමින් සිටී. සෙසු මධ්‍යම ආසියාවේ රටවල නායකයන් මේ සම්බන්ධයෙන් සමාන මත දරන බව ද හෙතෙම විශ්වාස පළ කරයි. චීනය සමග සබඳතාව තුළින් බොහෝ ප්‍රතිලාභ ලබා ගත හැකි බවත්, හැකි අයුරින් සහයෝගිතාව ශක්තිමත් කරන බවත් Kassym-Jomart Tokayev මහතා වැඩිදුරටත් පෙන්වා දුන්නේය.

ගුවන් විදුලිය
20240907සෙනසුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම