මේ වසරේ මුල් මාස හතරේ විදෙස් ප්‍රේෂණවල වර්ධනයක්
2023-05-13 16:41:25
Share with:

ශ්‍රී ලාංකික සංක්‍රමණික ශ්‍රමිකයන්ගේ විදේශ ප්‍රේෂණ 2022 අප්‍රේල් මාසයේ දී ඇ.ඩො. මිලියන 248.9 සිට 2023 අප්‍රේල් මාසයේ දී මිලියන 454 දක්වා ඉහළ ගොස් ඇති බව කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා පවසයි. මෙය පසුගිය වසරේ අදාළ කාලපරිච්ඡේදයට සාපේක්ෂව  සියයට 82.4ක වර්ධනයකි.

ජනවාරි සිට අප්‍රේල් මාසය දක්වා ලැබුණු විදේශ ප්‍රේෂණ එකතුව ඩොලර් බිලියන 1.8 ඉක්මවා ගොස් ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව නිවේදනයක් නිකුත් කරමින් කියාසිටී. එමෙන්ම නීත්‍යානුකූල ක්‍රම හරහා මෙරටට මුදල් එවනු ලබන විදෙස්ගත ශ්‍රමිකයින් සඳහා වාහන ආනයන බලපත්‍ර ලබා දීමට සහ ගුවන්‍ තොටුපොළේ දී ලබා දෙන තීරු බදු සහනය ඉහළ දැමීම‍ට මේ වන විට කටයුතු යොදා තිබෙන බව ද අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා ප්‍රකාශ කළේය.

ගුවන් විදුලිය
20240424 බදාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම