පූර්ව වසංගත තත්ත්වයෙන් සියයට 80ක් දක්වා ගෝලීය සංචාරක කර්මාන්තය ප්‍රකෘතිමත් වී ඇතැයි ලෝක සංචාරක සංවිධානය පවසයි
2023-05-13 16:29:29
Share with:

2023 වසරේ පළමු කාර්තුවේ ලොව පුරා සිදු වූ සංචාර සංඛ්‍යාව කෝටි 23.5 දක්වා වැඩි වී ඇති අතර, එය 2022 වසරේ සමාන කාලපරිච්ඡේදයට සාපේක්ෂව දෙගුණයකටත් වඩා වැඩි වී ඇති බව ලෝක සංචාරක සංවිධානයේ වාර්තාවකින් පෙන්වා දෙයි. මැදපෙරදිග කලාපයේ සංචාරක කර්මාන්තයේ වර්ධනය ප්‍රමුඛ ස්ථානයේ පසු වූ බවත්, එහි සංචාරක ගලනය වසංගතයට පෙර පැවති තත්ත්වයට වඩා සියයට 15කින් වැඩි වී ඇති බවත් සඳහන් වේ. යුරෝපයේ සංචාරක කර්මාන්තය වසංගතයට පෙර පැවති තත්ත්වයට සාපේක්ෂව සියයට 90ක් දක්වාත් අප්‍රිකාවේ හා ඇමරිකා මහද්වීපයේ එම අනුපාතය පිළිවෙළින් සියයට 88ක් හා 85ක් දක්වා යථා තත්ත්වයට පත් වී ඇතැයි ද වාර්තා වේ.

කෙසේ වුවද ඉහළ උද්ධමනය හා ඛනිජ තෙල් මිල ඉහල යාමෙන් ඇති වූ ඉහළ ගමනාගමන හා නවාතැන් පිරිවැය, සංචාරක කර්මාන්තයේ වර්ධනය අවහිරවීමේ සාධකයන් වී ඇත. සංචාරකයින් වඩාත් ලාභදායී සංචාරක ක්‍රම වෙත ප්‍රවේශ වෙමින් සිටින බව ද එම වාර්තාවෙන් පෙන්වා දෙයි.  

ගුවන් විදුලිය
20240418බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම