සුඩාන ගැටුම් පාර්ශ්ව අතර එකඟතාව එක්සත් ජාතීන්ගේ සංවිධානයේ පිළිගැනීමට
2023-05-13 16:45:44
Share with:

සුඩාන ගැටුම් පාර්ශ්ව සෞදි අරාබියේ ජෙඩාහි දී අත්සන් කළ මානුෂීය ප්‍රවේශය ඇතුළු ගිවිසුම් කෙරෙහි එක්සත් ජාතීන්ගේ මහලේකම්වරයාගේ සුඩාන ගැටලුව සම්බන්ධ විශේෂ නියෝජිත Volker Perthes මහතා ප්‍රසාදය පළ කරයි.

සටන් විරාමයක් සඳහා, සම්බන්ධීකරණ සහ අධීක්ෂණ යාන්ත්‍රණය යටතේ තවදුරටත් සාකච්ඡා කළ හැකි බව ගැටුමට සම්බන්ධ දෙපාර්ශ්ව යළි තහවුරු කළ බව Volker Perthes මහතා ඊයේ (12) පෙන්වා දුන්නේය. පෙර සටන් විරාමය සහ මානුෂීය අත්හිටුවීම් ඒකපාර්ශ්වික අභිප්‍රායන් වූ බවත්, ජාත්‍යන්තර මානුෂීය සහ මානව හිමිකම් නීතිය අනුගමනය කිරීමට දෙපාර්ශ්වය එකඟතාවයකට පැමිණි පළමු අවස්ථාව මෙය වන බවත් හෙතෙම පැවසීය.

සුඩාන ගැටුම සිව්වන සතිය දක්වා අඛණ්ඩව පවතින බවත්, සරණාගතයින් 200,000කට ආසන්න සංඛ්‍යාවකට සිය නිවෙස්වලින් පලා යාමට බල කර ඇති බවත්, විශාල පිරිසක් දේශසීමා ආසන්නයේ රැකවරණය අපේක්ෂා කරමින් රැඳී සිටින බවත් එක්සත් ජාතීන්ගේ සරණාගතයින් පිළිබඳ මහ කොමසාරිස්වරයාගේ මාධ්‍ය ප්‍රකාශිකා Olga Sarrado මහත්මිය පැවසුවාය.

ගුවන් විදුලිය
20240329සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම