ඉදිරි වසර 10 තුළ අධ්‍යාපන ක්ෂේත්‍ර‍ය පුළුල් ලෙස නවීකරණය කරන බව ජනපති පවසයි
2023-05-13 16:39:59
Share with:

ඉදිරි වසර 10 තුළ අධ්‍යාපන ක්ෂේත්‍රය නවීකරණය කර දැනුමින් සන්නද්ධ මෙන්ම හැකියාවෙන් පෝෂිත තරුණ පරපුරක් බිහිකිරීමට කටයුතු කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ “Sri Lanka skills Expo 2023” ශ්‍රී ලංකාවේ ප්‍රථම නිපුණතා සහ රැකියා ප්‍රදර්ශනයේ සමාරම්භක අවස්ථාවට ඊයේ (12) පෙරවරුවේ එක්වෙමිනි.

අධ්‍යාපනය නවීකරණය සඳහා කැබිනට් කමිටුවක් මේ වන විටත් පත් කර ඇති බව පෙන්වා දුන් ජනාධිපතිවරයා කඩිනමින් නව ප්‍රතිසංස්කරණ සිදු කිරීමට කටයුතු කරන බව ද ප්‍රකාශ කළේය.

Sri Lanka Skills Expo 2023 ප්‍රදර්ශනය මෙරට ක්ෂේත්‍ර රැසක සාමාජිකයන්ට සහ ප්‍රතිපත්ති සම්පාදකයන්ට තම අදහස් හුවමාරු කරගැනීමට සහ එම ක්ෂේත්‍රවල නිපුණතා ප්‍රවර්ධනය කිරීමට අගනා අවස්ථාවකි. කෘෂි තාක්ෂණ ව්‍යාප්ති මධ්‍යස්ථානයේ වෙබ් අඩවිය නිල වශයෙන් දියත් කිරීම ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරුණු අතර, කෘෂිකර්මාන්තයේ දියුණුවට ඩ්‍රෝන තාක්ෂණය භාවිතයට ගැනීම ඇගයීමට ලක් කරමින් ඩ්‍රෝන උපදේශකවරුන් සිව් දෙනෙකු සඳහා ලාංඡන පැළඳවීම ද සිදු කෙරිණ.

ගුවන් විදුලිය
20240425බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම