සැබෑවටම ජාත්‍යන්තර නියමයන්ට හානි සිදු කරන්නේ කවුරුන් ද?
2023-05-13 15:49:58
Share with:

නුදුරේදී ජපානයේ පැවැත්වීමට නියමිත G7 කණ්ඩායමේ සමුළුව, ‘ජාත්‍යන්තර නියමයන්’ අනුගමනය කරන ලෙස චීනයෙන් ඉල්ලා සිටිනු ඇතැයි ජපන් මාධ්‍ය වාර්තා කරයි.

නමුත්, මේ ලෝකයේ එකම ජාත්‍යන්තර නියමය වන්නේ එක්සත් ජාතීන්ගේ ප්‍රඥප්තියේ අරමුණු සහ මූලධර්ම මත පදනම් වන ජාත්‍යන්තර සබඳතාවන්හි මූලික සම්මතයන්ය. කෙසේ වෙතත්, ඇමරිකාව ඇතුළු ඇතැම් බටහිර රටවල් එක්සත් ජාතීන්ගේ ප්‍රඥප්තිය නොසලකා හරිමින් නැවත නැවතත් ඔවුන්ට පමණක් ආවේනික වූ “නියමයන් මත පදනම් වන ජාත්‍යන්තර පිළිවෙළක්” පිළිබඳ විවිධ ප්‍රකාශ නිකුත් කරයි. එය කිසිදු පැහැදිලිභාවයක් නොමැති එක්සත් ජාතීන්ගේ ප්‍රඥප්තියට ද ඇතුළත් නොවන්නකි. එමෙන්ම එක්සත් ජාතීන්ගේ සංවිධානයේදී සම්මත කළ විවිධ රටවල නායකයන්ගේ ප්‍රකාශ තුළ ද, එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ හා ආරක්ෂක මණ්ඩලයේ යෝජනා තුළ ද එවැන්නක් අන්තර්ගත නොවේ. මෙම ඊනියා “නියමයන් මත පදනම් වන ජාත්‍යන්තර පිළිවෙ‍ළට”පදනම් වන නියමයන් මොනවා ද? ඒ නියමයන් සකස් කළේ කවුරුන් විසින් ද? එම නියමයන් සහ ජාත්‍යන්තර පිළිවෙළ අතර පවතින සම්බන්ධය කුමක් ද? යනුවෙන් චීනය ජගත් ආරක්ෂක මණ්ඩලයේදී ප්‍රශ්න කර තිබේ.

කෙසේ වෙතත්, එම ප්‍රශ්නවලට ඇමරිකාව ඇතුළු බටහිර රටවල් අද වන විටත් පැහැදිළි පිළිතුරක් ලබා දී ‍නොමැත. මෙම සංකල්පය අපැහැදිලි වූ විට ඔවුන්ට සිය අවශ්‍යතා පරිදි එය භාවිත කළ හැකි බව ඇතැම් විශ්ලේෂකයෝ ද පෙන්වා දුන්හ. මෙම සංකල්පය ශිෂ්ටසම්පන්න බව ‍මතුපිටින් පෙනුන ද, එය G7 කණ්ඩායම සෙසු රටවල අභ්‍යන්තර කටයුතුවලට මැදිහත් වීමට සහ ගැටළු ඇති කිරීමට යොදා ගන්නා උපක්‍රමයකි. එහෙයින් මෙවැනි ඊනියා “ජාත්‍යන්තර නියමයන්” ජාත්‍යන්තර ප්‍රජාවේ පොදු අවශ්‍යතාවලට කිසිසේත් අදාළ නොවන අතර, එය අදාළ වන්නේ ඇමරිකාව ප්‍රමුඛ සුළුතරයක් වූ රටවල් සඳහාම පමණි. 

ගුවන් විදුලිය
20240419සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම