ආංශික අධීක්ෂණ කාරක සභා සඳහා තෝරාගත් තරුණ නියෝජිතයන් දැනුවත් කිරීමේ වැඩසටහන ඇරඹේ
2023-05-13 16:40:41
Share with:

පාර්ලිමේන්තුවේ ආංශික අධීක්ෂණ කාරක සභා සමග සම්බන්ධවීමට තෝරා ගැණුනු තරුණ නියෝජිතයන් දැනුවත් කිරීමේ විශේෂ වැඩසටහනේ සමාරම්භක උත්සවය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අද(13) පැවැත්විණ. එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහනේ (UNDP) සහය සහිතව ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව විසින් මෙම වැඩසටහන සංවිධාන කරනු ලබයි.

පාර්ලිමේන්තුවේ ස්ථාපිත කරන ලද  විෂය ක්ෂේත්‍රයන් 17 කට අදාළ ආංශික අධීක්ෂණ කාරක සභා සඳහා මෙම තරුණ නියෝජිතයන් පුවත්පත් දැන්වීම් පළ කිරීමෙන් අනතුරුව තෝරා ගැනීම සිදුවිය.

මේ අනුව ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ මහලේකම්වරයා වෙත ලැබුණු අයදුම්පත් අතුරෙන් තෝරාගත් සුදුසුකම් සහිත අවු. 18 – 35 අතර වයසේ තරුණ නියෝජිතයක් 550 කට ආසන්න පිරිසක් මෙම වැඩමුළුවට සහභාගී විය.

ගුවන් විදුලිය
20240416අඟහරුවාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම