නෝර්වේ අගමැති හා චීන විදේශ ඇමති අතර හමුවක්
2023-05-13 16:27:33
Share with:

නෝර්වේ අග්‍රාමාත්‍ය Jonas Gahr Støre මහතා චීන විදේශ අමාත්‍ය චින් ගාං මහතා හමු වෙයි. එම හමුව ඊයේ(12) Oslo නගරයේදී සිදු විය. නෝර්වේ රජය එකම චීනය මූලධර්මය අනුගමනය කරන අතර, ප්‍රායෝගික හා විෂයමූලික ආකල්පයක සිට අන්‍යෝන්‍ය ගරුත්වය හා සමානත්මතාවය පිළිබඳ වූ මූලධර්මයෙන් ද්විපාර්ශ්වීය සම්බන්ධතාවය වර්ධනය කර ඇති බවත්, එය චීනයේ පැසසුමට ලක් වන බවත් චීන විදේශ අමාත්‍ය චින් ගාං මහතා එහිදී පැවසීය. ආර්ථික, වෙළඳ, සමුද්‍රීය, සමාජ සුබසාධන සහ හරිත සංවර්ධනය යනාදී ක්ෂේත්‍රවල දෙරටේ ප්‍රායෝගික සහයෝගිතාවයන් පුළුල් කළ හැකි බව ද හෙතෙම කියා සිටියේය.

නෝර්වේ රාජ්‍යය හා චීනය බොහෝ වෙනස්කම් සහිත කුඩා හා විශාල රටවල් දෙකක් වුව ද, දිගු හුවමාරු ඉතිහාසයකින් බැඳී සිටින අතර මනා සන්නිවේදනයක් නොකඩවාම පවත්වා ගෙන ගොස් ඇතැයි නෝර්වේ අග්‍රාමාත්‍යවරයා එහිදී පැවසීය. චීනය සමග  ඇති සහයෝගිතාව වැදගත් කොට සලකමින් විවිධ මට්ටම්වල අදහස් හුවමාරු සබඳතා පුළුල් කිරීමටත්, ද්විපාර්ශ්වීය සහයෝගිතා හරහා වඩාත් විශාල ප්‍රගතියක් ලබා ගැනීමටත් අපේක්ෂා කරන බව ද ඔහු ප්‍රකාශ කළේය. 

අනතුරුව දෙපාර්ශ්වය යුක්‍රේන ගැටළුව සම්බන්ධයෙන් ද අදහස් හුවමාරු කර ගත්හ.

ගුවන් විදුලිය
20240328බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම