කඩාවැටුණු ආර්ථිකය ශක්තිමත් කිරීම සඳහා වූ රජයේ ක්‍රියාමාර්ගවල ප්‍රගතිය පිළිබඳ IMF ප්‍රසාදය
2023-05-12 17:09:05
Share with:

කඩාවැටුණු ආර්ථිකය ශක්තිමත් කිරීමෙහිලා ශ්‍රී ලංකා රජය ගෙන තිබෙන ක්‍රියාමාර්ගවල මෙතෙක් අත් කර ගෙන ඇති ප්‍රගතිය සම්බන්ධයෙන් සෑහීමට පත් වන බව මෙරටට සංචාරයක් සඳහා පැමිණ සිටින ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයන් ප්‍රකාශ කර තිබේ.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ මෙම නියෝජිත කණ්ඩායම ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා සමග පැවති සාකච්ඡාවේදී ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයන් මේ බව ප්‍රකාශ කළ බව මුදල් රාජ්‍ය අමාත්‍යවරයා පැවසීය.

මෙම නියොජිත කණ්ඩායම මුදල් අමාත්‍යාංශය සහ ශ්‍රී ලංකා මහ බැංකුව සමග සාකච්ඡා කිරීමට ද නියමිතව ඇත. මේ වැඩසටහන අවසානයේ ශ්‍රී ලංකාව සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල අතර අවසන් සාකච්ඡාවක් පැවැත්වීමට නියමිත බව සඳහන් කළ මුදල් රාජ්‍ය ඇමතිවරයා එහිදී මේ සම්බන්ධ සැබෑ තත්ත්වය සම්බන්ධයෙන් යම්කිසි තක්සේරුවකට පැමිණීමේ හැකියාව තිබෙන බව ද දැනටමත් හොඳින් ක්‍රියාත්මක කර තිබෙන වැඩසටහන් මෙන්ම තවදුරටත් ක්‍රියාත්මක කළ යුතු වැඩසටහන් සම්බන්ධයෙන් අවධානය යොමු කළ හැකි බව ද පෙන්වා දුන්නේය.

ගුවන් විදුලිය
20241126අඟහරුවාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම