නේටෝ සංවිධානය හා ජපානය කලාපීය සාමයට කිසිදු හානියක් සිදු නොකරන්නැයි චීනයෙන් ඉල්ලීමක්
2023-05-12 19:25:14
Share with:

කලාපීය සාමයට හානියක් සිදු නොකරන ලෙස චීනය නේටෝ සංවිධානයෙන් හා ජපානයෙන් ඉල්ලීමක් කරයි.

නේටෝ සංවිධානය ජපානයේ සම්බන්ධතා කාර්යාලයක් ස්ථාපිත කිරී‍මේ සැලසුම පිළිබඳ අදහස් දක්වමින්, චීන විදේශ අමාත්‍යංශ ප්‍රකාශක Wang Wenbin මහතා අද (12) පැවසුවේ නේටෝව ආසියා පැසිෆික් කලාපයට පවතින විශේෂ අවධානය ජාත්‍යන්තර ප්‍රජාවේ, විශේෂයෙන්ම කලාපීය රටවල ඉහළ සුපරීක්ෂාකාරීත්වයට ලක්ව ඇති බවයි. අදාළ පාර්ශ්වයන් ඊනියා “භූ දේශපාලනික ප්‍රතිලාභ” සඳහා කලාපීය සාමයට හානි කිරීම වහාම නතර කළ යුතු බව ද හෙතෙම පැවසීය.

ඉතිහාසයෙන් උගත් පාඩම් අනුව සාමකාමී සංවර්ධනය අනුගමනය කරන ලෙසත්, කලාපීය අන්‍යෝන්‍ය විශ්වාසයට හා සාමයට කිසිදු හානියක් නොකරන ලෙසත් Wang Wenbin මහතා ජපානයෙන් ඉල්ලා සි‍ටියේය.

ගුවන් විදුලිය
20240419සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම