චීන ජනපති බෙයිජිං-ටියන්ජින්-හෙබෙයි ඒකාබද්ධව සංවර්ධනය කිරීම පිළිබඳ සම්මන්ත්‍රණයේ ප්‍රධාන දේශනය සිදු කරයි
2023-05-12 20:09:08
Share with:

බෙයිජිං-ටියන්ජින්-හෙබෙයි ඒකාබද්ධව සංවර්ධනය කිරීම මැයෙන් යුත් සම්මන්ත්‍රණයක් 12 වන දා පස්වරුවේ පැවැත්විණ. චීන ජනාධිපති ෂී ජින්පිං මහතා හෙබෙයි පළාතේ සංචාරයක නිරත වීමෙන් අනතුරුව එම සම්මන්ත්‍රණයේ මුලසුන දරමින් ප්‍රධාන දේශනය සිදු කළේය. විශ්වාසයෙන් හා අධිෂ්ඨානයෙන් යුතුව, අවස්ථා ග්‍රහණය කර ගෙන අභියෝගවලට මුහුණ දෙමින්, අර්බුදකාරී තත්ත්වයන්‍ට මුහුණ දීමේ හැකියාව වැඩි දියුණු කර ගත යුතු බව ඔහු එහිදී පැවසීය. සංවර්ධනය හා සුරක්ෂිතතාවය එකිනෙකට සම්බන්ධීකරණයෙන් යුතුව පවත්වා ගත යුතු ය. බෙයිජිං-ටියන්ජින්-හෙබෙයි කලාපය, චීන ලක්ෂණයෙන් යුතු නවීකරණ සංවර්ධනයේ ආදර්ශ කලාපයක් ලෙස ගොඩනැගීම සඳහා, වඩාත් උද්‍යෝගීව සහ ජීවගුණයෙන් යුක්තව විවිධ සංවර්ධන කටයුතු ඉදිරියට ගෙන යමින්, එහි සංවර්ධනය නව මානයකට ගෙන යාමට වෑයම් කළ යුතු බව ද ඔහු ප්‍රකාශ කර ඇත. 

ගුවන් විදුලිය
20240418බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම