චීන ජනපති Hebei පළාතේ Shijiazhuang නගරයේ නිරීක්ෂණ සංචාරයක
2023-05-12 15:46:26
Share with:

චීන ජනාධිපති ෂී ජින් පිං මහතා අද(12) Hebei පළාතේ Shijiazhuang නගරයේ නිරීක්ෂණ චාරිකාවකට එක් විය.

හෙතෙම එහිදී චීන ඉලෙක්ට්‍රොනික තාක්ෂණික සමූහ සංස්ථාවේ කාර්මික මූලික පර්යේෂණ ආයතනය හා Shijiazhuang ජාත්‍යන්තර ජෛව වෛද්‍ය සේවා කලාපයේ සැලසුම් ප්‍රදර්ශන ශාලාව නිරීක්ෂණය කළේ ය. එහි ව්‍යවසායන්, පර්යේෂණයන්, නිෂ්පාදන තත්වය හා, දේශීයව ජෛව වෛද්‍ය කර්මාන්තයේ දියුණුව ප්‍රවර්ධනය කිරීමේ තත්වය, ෂී ජින් පිං මහතා සොයා බැලීය. 

Shijiazhuang ජාත්‍යන්තර ජෛව වෛද්‍ය සේවා කලාපය, ‘ලෝකය වෙත හොඳම ඔසු- Shijiazhuang නිෂ්පාදනය ’ යන කර්මාන්ත සන්නාමයෙන් සංවර්ධනය කෙරේ. එය පර්යේෂණ හා නවෝත්පාදන කලාපය,   ජෛව ඖෂධ හා CXO කාර්මික උද්‍යානය,  රසායනික ඖෂධ කාර්මික කලාපය, උසස් වෛද්‍ය උපකරණ නිෂ්පාදන කලාපය ඇතුළු කලාපයන්ගෙන්   සමන්විත වේ.

ගුවන් විදුලිය
20240418බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම