G7 කණ්ඩායම ඊනියා “ආර්ථික බලහත්කාරයේ” ප්‍රකාශයට හවුල් නොවිය යුතු බවට චීනයෙන් ඉල්ලීමක්
2023-05-12 18:13:42
Share with:

ඊනියා “ආර්ථික බලහත්කාරයේ” ප්‍රකාශයට හවුල් නොවිය යුතු බව චීනය G7 කණ්ඩායමෙන් ඉල්ලීමක් කරයි.

G7 කණ්ඩායම චීනයට එරෙහිව ඊනියා “ආර්ථික බලහත්කාරයකට” අදාළ ඒකාබද්ධ ප්‍රතිචාරයක් ප්‍රකාශ කරනු ඇතැයි වාර්තා වේ. ඒ පිළිබඳව චීන විදේශ අමාත්‍යංශ ප්‍රකාශක Wang Wenbin මහතා අද (12) පැවති නිත්‍ය මාධ්‍ය හමුවේදී අදහස් දැක්වීය.

චීනය ඇමරිකාවේ ආර්ථික බලහත්කාරයේ ගොදුරක් වන බවත්, චීනය මුල සිටම සියලු ආර්ථික බලහත්කාරයන්ට විරුද්ධ වන බවත් හෙතෙම අවධාරණය කළේය.

ඇමරිකාව ජාතික ආරක්‍ෂාව පිළිබඳ සංකල්පය හා අපනයන පාලන පියවර නැවත නැවතත් අයුතු ලෙස යොදා ගෙන, වෙනත් රටවල සමාගම්වලට වෙනස් කොට සැලකීමේ සහ අසාධාරණ පියවර ගනිමින් සිටී. ඇමරිකාවේ මෙම ක්‍රියාවන්, වෙළඳපල ආර්ථිකයේ සහ සාධාරණ තරඟකාරිත්වයේ මූලධර්මයන් බරපතල ලෙස උල්ලංඝනය කිරීමක් බව Wang Wenbin මහතා පෙන්වා දුන්නේය.

ගුවන් විදුලිය
20240419සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම