චීන ජනාධිපතිවරයා යෝජනා කරන ලද ගෝලීය ආරක්ෂක මුලපිරුම අනාගත ගෝලීය ආරක්ෂාවට සහ සාමයට කේන්ද්‍රීය සාධකයක්
2023-05-12 09:42:50
Share with:

සංවර්ධනය යන්න ඕනෑම රටකට පොදු වූ සාධකයකි. රටක සංවර්ධනයේ කේන්ද්‍රීය සාධකය වන්නේ ආරක්ෂාවයි. ගෝලීය ආරක්ෂාව වෙනුවෙන් චීන ජනාධිපතිවරයාගේ ගෝලීය ආරක්ෂක මුලපිරුම ප්‍රධාන ශක්තියක් වනු ඇතැයි නීතිඥ සංඛ ප්‍රබුද්ධ මහතා සඳහන් කරයි.

රටක මානව වර්ගයා යනු එකිනෙකට වෙන් කළ නොහැකි ආරක්ෂිත ප්‍රජාවක් වේ. ජාත්‍යන්තර ප්‍රජාවේ දැඩි අවධානයට බඳුන් වන ගෝලීය ආරක්ෂක වැඩපිළිවෙළ චීන ජනාධිපතිවරයා විසින් ලෝකයට යෝජනා කර ඇත. වර්තමානයේ ලොව, රටවල ආරක්ෂාව සම්බන්ධයෙන් මුහුණ පාන අභියෝගයන්ට විසඳුම් සපයමින්, චීන ජනාධිපති ෂී ජින් පිං මහතා ගෝලීය ආරක්ෂක මුලපිරුම 2022 වසරේ දී ඉදිරිපත් කළේය. මෙම මුලපිරුම චීනය විසින් සපයන තවත් ජාත්‍යන්තර පොදු නිෂ්පාදනයක් බව පැවසිය යුතුමය. එය ලෝකයේ, විවිධ කාල සහ ඉතිහාසයේ පෙර නොවූ විරූ වෙනස්කම්වලට මානව වර්ගයාගේ ප්‍රතිචාරයන්ට චීන ප්‍රඥාව දායක කිරීමක් ලෙසද හැඳින්විය හැකි බව ප්‍රබුද්ධ මහතා පැවසීය.

චීන ජනාධිපතිවරයා යෝජනා කරන ලද ගෝලීය ආරක්ෂක මුලපිරුම ආසියාවට පමණක් නොව  සමස්ත  ලෝකයේම විසඳුමක් අපේක්ෂා කරන වත්මන් දේශපාලන අර්බුද හමුවේ මානව ප්‍රජාව මුහුණ දී සිටින අප්‍රමාණ වූ ඛේදවාචකයට ප්‍රතිකාරයක් වනු ඇත. මැද පෙරදිග කලාපයට, යුක්රේන-රුසියා යුද්ධයට මෙන්ම අනෙකුත් රටවල ආරක්ෂාව සම්බන්ධයෙන් චීනයේ සාධනීය මැදිහත් වීම පෙනෙන්නට තිබේ. සාමය සෙවීමේ දිගුකාලීන වැඩපිළිවෙල පමණක් නොව ආරක්ෂක ක්ෂේත්‍රය තුළ මානව වර්ගයා සඳහා පොදු ඉරණම සහිත ප්‍රජාවක් පිළිබඳ සංකල්පයේ විචිත්‍රවත් භාවිතයක් ලෙසට මෙය හැඳින්විය හැකිය. එය අනාගත ගෝලීය ආරක්ෂාවට සහ සාමයට කේන්ද්‍රීය සාධකයක් වනු ඇතැයි නීතිඥ සංඛ ප්‍රබුද්ධ මහතා සඳහන් කළේය.

ගුවන් විදුලිය
20240419සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම