චීන - ඇමරිකානු ජ්‍යෙෂ්ඨ නිලධාරීහු සාකච්ඡා පවත්වති
2023-05-12 09:20:51
Share with:

චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ විදේශ කටයුතු කොමිසමේ අධ්‍යක්ෂ Wang Yi  මහතා සහ ඇමරිකානු ජාතික ආරක්ෂක උපදේශක  Jake Sullivan මහතා අතර සාකච්ඡා පැවැත්වේ. දෙරටේ ද්වීපාර්ශ්වික සබඳතා පිළිබඳව ගැඹුරු, හරවත් ඵලදායී සාකච්ඡා පසුගිය 10 සහ 11 දෙදින ඔස්ට්‍රියාවේ වියානා හිදී පැවැත්විණ.

දෙරට අතර පිරිහෙමින් පවතින සබඳතා ස්ථාවර කිරීමට සහ චීනය කෙරෙහි ඇමරිකානු බාධා ඉවත් කිරීම කෙරෙහි නිලධාරීහු සාකච්ඡා කළහ. චීනයේ තායිවාන ප්‍රශ්නය සම්බන්ධයෙන් Wang Yi මහතා චීනයේ ස්ථාවරය පූර්ණ ලෙස පැහැදිලි කළේය. ආසියා පැසිෆික් කලාපයේ තත්ත්වය, යුක්රේන සහ පොදු අවශ්‍යතා ඇති අනෙකුත් ජාත්‍යන්තර සහ කලාපීය ගැටළු පිළිබඳව ද දෙපාර්ශවය අදහස් හුවමාරු කර ගත්හ. මෙම උපායමාර්ගික සන්නිවේදන සාකච්ඡා වේදිකාව හොඳින් භාවිත කිරීමට දෙපාර්ශවයම එකඟ වූහ.

ගුවන් විදුලිය
20240418බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම