ලොව පළමු ජාත්‍යන්තර පරිසර විශ්වවිද්‍යාලය ශ්‍රී ලංකාවේ ස්ථාපිත කරමින් දේශගුණ විපර්යාසවලට මුහුණදීම සඳහා ලෝකයට සහාය ලබාදෙන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ ඊයේ (11) පස්වරුවේ කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ පැවති 10 වන පරිසර නියමු ජනාධිපති පදක්කම් ප්‍රදානෝත්සවය අමතමිනි.
පරිසර නියමුවන් ලෙස පරිසරය සුරැකීම පිළිබඳ පණිවිඩය පාසලට ගෙන යන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙහිදී පරිසර නියමු ජනාධිපති පදක්කම්ලාභීන්ගෙන් ඉල්ලා සිටියේය. පරිසර නියමුවෙකුගේ කාර්‍යභාරය විශිෂ්ඨ කැප කිරීමක් බවත්, ඒ කැපවීම සිදු කරන්නේ අනාගත පරපුර වෙනුවෙන්ම බවත් ජනාධිපතිවරයා අවධාරණය කළේය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කළේ අනාගතයේ දේශගුණික විපර්යාසවලට මුහුණදීමට නව පරිසර නීතියක් ගෙන ඒමට ද පියවර ගන්නා බවයි.