චීන රජයේ යුරෝපා-ආසියානු කටයුතු පිළිබඳ විශේෂ නියෝජිතයා යුක්රේනය ඇතුළු රටවල නිල සංචාරයන්ට සූදානම් වේ
2023-05-12 18:02:05
Share with:

චීන රජයේ යුරෝපා-ආසියානු කටයුතු පිළිබඳ විශේෂ නියෝජිතවරයා යුක්රේනය ඇතුළු රටවල නිල සංචාරයන්ට සූදානම් වෙයි. චීන විදේශ අමාත්‍යංශ ප්‍රකාශක Wang Wenbin මහතා අද(12) පැවති නිත්‍ය මාධ්‍ය හමුවේදී මේ බව පැවසීය. ඒ අනුව විශේෂ නියෝජිත තානාපති Li Hui මහතා ලබන 15වැනි දා සිට යුක්රේනය, පෝලන්තය, ප්‍රංශය, ජර්මනිය හා රුසියාව යන රටවල් පහේ නිල චාරිකාවන්ට එක්වීමට නියමිතයි.

යුක්රේන අර්බුදය ආරම්භ වූ දින සිට, යුක්ති සහගත ස්ථාවරයක රැඳී සිටිමින්, සාකච්ඡා මාර්ගවලින් එම ගැටළු විසඳීමට පෙළඹවීම සඳහා චීනය පෙනීසිටියේය. සිය ඵලදායී කාර්යභාරය තවදුරටත් අඛණ්ඩව ඉටු කිරීමට චීනය බලාපොරොත්තු වේ. එරට තත්ත්වය උත්සන්න වීම වැළැක්වීම සඳහා සටන් විරාමය අරඹමින්, ජාත්‍යන්තර එකඟතාවයකට ප්‍රවේශ වීම චීනයේ අපේක්ෂාවයි. දේශපාලනික ආකාරයෙන් යුක්රේන අර්බුදය නිරාකරණය කිරීමට චීනය කැප වන බව ද Wang Wenbin මහතා වැඩිදුරටත් පැවසීය.

ගුවන් විදුලිය
20240328බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම