එක් තීරයක් එක් මාවතක් වැඩපිළිවෙළට ගෝලීය ප්‍රසාදය හිමි වීමට හේතුව පොදු සංකල්පයන් අනුගමනය කිරීම බව චීනය පවසයි
2023-05-12 18:23:08
Share with:

එක් තීරයක් එක් මාවතක් වැඩපිළිවෙළට පුළුල් ජනප්‍රියත්වයක් හිමි වීමට හේතුව, පොදු‍ සංවාදය, පොදු සංවර්ධනය හා පොදු හුවමාරුව යන සංකල්පයන් අනුගමනය කිරීම බව චීනය පවසයි.

චීන විදේශ අමාත්‍යංශයේ ප්‍රකාශක වං වෙන්බින් මහතා මේ බව ප්‍රකාශ කළේ බෙයිජිංහි අද(12) පැවති මාධ්‍ය හමුවකදීය. යුරෝපීය බුද්ධිමණ්ඩලයක් වන Bruegel පර්යේෂණ ආයතනය පසුගියදා වාර්තාවක් නිකුත් කරමින්, එක් තීරයක් එක් මාවතක් වැඩපිළිවෙළට ප්‍රශංසාව පළ ක‍ර ඇත. මේ සම්බන්ධව චීනයේ අදහස පිළිබඳ ව මාධ්‍යවේදියෙක් ප්‍රශ්න කළේය.

ෂී ජින්පිං ජනාධිපතිවරයා ඉදිරිපත් කළ එක් තීරයක් එක් මාවතක් වැඩපිළිවෙළ ඉහළ පිළිගැනීමට ලක් වූයේ එය පොදු‍ සංවාද, පොදු සංවර්ධනය හා පොදු හුවමාරුව සමග ඉදිරියට යන වැඩපිළිවෙළක් නිසා බව වං වෙන්බින් මහතා පෙන්වා දෙයි. විවෘත ජාත්‍යන්තර සහයෝගිතා වේදිකාවක් ලෙස එමගින් ප්‍රවර්ධනය කරන්නේ, වඩාත් විවෘත, පොදු ප්‍රතිලාභ ලබා දෙන, වඩාත් සමබර වූ ගෝලීය සංවර්ධනයක් මිස, සුළුතර රටවල් වෙනුවෙන් පමණක් සේවා සපයන ක්‍රමයක් නොවන බව ඔහු අවධාරණය කළේය.   

ගුවන් විදුලිය
20240420සෙනසුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම