ආනයන පිරිවැය අවම කරමින් විදුලි ත්‍රිරෝද රථ ව්‍යාපෘතිය ඇරඹේ
2023-05-12 17:10:15
Share with:

එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහනේ සහයෝගයෙන් පෙට්‍රල් ත්‍රිරෝද රථ, විදුලි ත්‍රිරෝද රථ බවට පරිවර්තනය කිරීමේ නියමු ව්‍යාපෘතිය ආරම්භ කෙරේ. විෂයභාර අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් එය ඊයේ (11) ආරම්භ වූයේ වේරහැර මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේදී ය. ‍

‍ඒ අනුව මෙම නියමු ව්‍යාපෘතිය යටතේ පෙට්‍රල් ත්‍රිරෝද රථ 200ක්, විදුලි ත්‍රිරෝද රථ බවට පත් කිරීම සිදු වනු ඇත. බස්නාහිර පළාත තුළ, පි‍ටකොටුව සහ මාකුඹුර යන ප්‍රදේශවලින් ඒ සඳහා ත්‍රිරෝද රථ 100 බැගින් තෝරා ගැනීමට නියමිතයි.

ජනතාවට ආර්ථික අර්බුදයේ බලපෑම අවම කිරීම, පරිසර දූෂණය අවම කර, තිරසර සංවර්ධන ව්‍යාපෘති සඳහා පහසුකම් සැලසීම, ප්‍රවාහන මාධ්‍යයන් වැඩිදියුණු කිරීම, කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් සහ අත්‍යවශ්‍ය සේවා නඟා සිටුවීම, මෙම ව්‍යාපෘතියේ ප්‍රධාන අරමුණු වේ.

ගුවන් විදුලිය
20240424 බදාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම