සුඩාන හමුදාව සහ RSF අතුරු හමුදාව සිවිල් වැසියන්ට හානි සිදු කිරීමෙන් වැළකීමේ මූලික එකඟතාවක්
2023-05-12 09:09:08
Share with:

සුඩාන හමුදාව සහ RSF අතුරු හමුදාව ජෙඩා නගරයේ සිවිල් වැසියන්ට හානි සිදු කිරීමෙන් වැළකීමේ මූලික ගිවිසුමකට එළඹෙයි.

සුඩාන ජනතාවගේ අවශ්‍යතා ප්‍රමුඛතාවයක් ලෙසට ගනිමින් වටලා ඇති ප්‍රදේශවලින් සියලුම සිවිල් වැසියන්ට පිටව යාමට අවසර දීමට  දෙපාර්ශ්වය ඉන් එකඟවී තිබේ.

මෙම ගිවිසුම සුඩානයේ ස්වෛරීභාවය සහ එක්සත්භාවය තහවුරු කරන්නක් වන අතර අනෙකුත් රටවල මැදිහත්වීමේ උත්සාහයන් ද ඉන් පිළිගෙන තිබේ.

සිවිල් වැසියන්ට හානි වන සියලු ප්‍රහාර නතර කරන ලෙසට ද ඉන් ඉල්ලා තිබේ.

ගැටුම්වලින් හානියට පත් රටට හදිසි මානුෂීය ආධාර සඳහා පහසුකම් සැලසීම වෙනුවෙන් සටන් විරාමයකට එළඹීම සම්බන්ධයෙන් දෙපාර්ශවය පසුගිය  සෙනසුරාදා ජෙඩාහිදී සාකච්ඡා ආරම්භ කළහ.

මේ අතර බ්‍රහස්පතින්දා සෞදි අරාබිය සිය සිව්වන සහන ගුවන් යානය සුඩානය වෙත පිටත් කළේය.

ආහාර සහ වෛද්‍ය ද්‍රව්‍ය ටොන් 10කට වැඩි ප්‍රමාණයක් ඉන් රැගෙන ගොස් තිබේ. සුඩාන හමුදාව සහ RSF අතුරු හමුදාව හතර පසුගිය 15 වෙනිදා සිට ගැටුම් පවතී.

ගුවන් විදුලිය
20240424 බදාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම