මානව හිමිකම් සුරැකිය නොහැකි රටක් කෙසේ නම් ශිෂ්ඨ සම්පන්න රටක් වේද?
2023-05-12 10:11:52
Share with:

ළමුන් යනු රටක ජාතියක බලාපොරොත්තුව මෙන් ම අනාගතයයි. ඕනෑ ම සමාජයක් රැක ගත යුතු ජන කොට්ඨාශයක් වන්නේ ළමුන් ය. ඒත් ලොව අංක එකේ බලවතා වන ඇමරිකාවේ ළමුන් සැලකෙන්නේ ලාබ ශ්‍රමිකයන් ලෙසින් ය.

ඇමරිකානු කම්කරු දෙපාර්තමේන්තුවේ දත්තවලට අනුව, 2022 වසරේදී පමණක් ඇමරිකාවේ යෞවනයන් මිලියන ගණනක් කෘෂිකර්මාන්තය, ආහාර සේවා, සිල්ලර, විනෝදාස්වාදය සහ ඉදිකිරීම් කර්මාන්තවල සේවය කර ඇත. ඔවුන්ගෙන් වැඩි දෙනෙක් වූයේ සංක්‍රමණික ළමුන් ය. 2018 වසරේ සිට මේ දක්වා ඇමරිකාවේ නීතිවිරෝධි ළමා ශ්‍රමිකයන් 70%කින් වර්ධනය වී ඇතැයි රොයිටර් පුවත් සේවය වාර්තා කර තිබේ.

සංක්‍රමණිකයන්ගේ ශ්‍රම මත ගොඩ නැගුණු ධනවාදී රටක් වශයෙන් ඇමරිකාව සංක්‍රමණික ළමුන් සේවයට ගැනීමේ දීර්ඝ ඉතිහාසයකට ද හිමිකම් කියන රටකි. ඇමරිකාවේ දකුණු ප්‍රදේශවල වහල් සේවය බහුලව පැවති සමයේ ළමා ශ්‍රමිකයන් බහුලව දක්නට ලැබිණ. එතැන් සිට වසර 200කට වැඩි කාලයක් තුළ ළමා ශ්‍රමිකයන් පුළුල් ලෙස සූරා කෑමට ලක්ව තිබිණ. එමෙන් ම, ඇමරිකාවේ ද්වි-පක්ෂ ක්‍රමය සහ පක්ෂ බල අරගල හේතුවෙන් ළමා ශ්‍රම ගැටළු විසඳී නොමැත.

මේ වන විට එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සාමාජික රටවල් 193 අතරින් “ ළමා අයිති සම්මුතිය ” සම්මත නොකළ එකම රට වී ඇත්තේ ඇමරිකාව ය. ළමා අයිති රැක ගත නොහැකි රටකට  "මානව හිමිකම්" පිළිබඳ කතා කළ හැකි ද ? එවැනි රටක් කුමනාකාරයකින්  "ශිෂ්ට රටක් "වේ ද..?

ගුවන් විදුලිය
20240424 බදාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම