චීන ජනාධිපතිවරයාගේ සංකල්පයක් මත ක්‍රියාත්මක සමාජවාදී නවීකරණ වැඩසටහන ලෝකයටම වැදගත් වන සුවිශේෂී සංවර්ධන ප්‍රවේශයක්
2023-05-12 16:26:49
Share with:

ගෙවී ගිය වසර දහයක කාලය තුළ චීන ජනාධිපතිවරයාගේ දැක්ම අනුව චීනයට සංවර්ධන ජයග්‍රහණ සාක්ෂාත් කර ගැනීමට හැකි වූ බව ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂයේ මහ ලේකම් වෛද්‍ය ජී. වීරසිංහ මහතා පවසයි. දූෂණයට විරෝධී පාලන ව්‍යුහයක් ස්ථාපිත කිරීමට චීන ජනාධිපති ෂී ජින් පිං මහතා ඉටු කළ සේවය ඉතා වැදගත් වේ. ජනතා කේන්ද්‍රීය පාලන ක්‍රමයක් හරහා නිවැරදි සංවර්ධනයක් ළඟා කර ගත හැකි බව චීන ජනාධිපතිවරයාගේ විශ්වාසය විය. ඒ පිළිබඳව වැඩි අවධානයක් යොමු කරමින් දරිද්‍රතාවය තුරන් කිරීමේ යාන්ත්‍රණය, ඔහුගේ නායකත්වය යටතේ සාර්ථක කර ගැනීමට හැකි වූ අතර, ඒ ඔස්සේ සමෘද්ධිමත් දේශයක් ගොඩනැගීමේ පදනම ද සකස් විය.

ෂී ජින් පිං මහතාගේ සංකල්පයක් මත ක්‍රියාත්මක වන සමාජවාදී නවීකරණ වැඩසටහන ලෝකයටම වැදගත් වන සුවිශේෂී සංවර්ධන ප්‍රවේශයකි. සමස්ත පාලන ව්‍යුහයම නවීකරණය කරමින්, සැමට සමෘද්ධිය උදා කර දීම, සංස්කෘතික සංවර්ධනය හා සාමකාමී වර්ධනය මෙම චීන ලක්ෂණවලින් යුත් නවීකරණය හරහා ළගා කර ගැනීම අරමුණයි.

බටහිර රටවල් තුළ නවීකරණය ක්‍රියාත්මක වූයේ ඔවුන්ගේ ‍යටත් විජිතවලින් සූරා කන ලද සම්පත් ප්‍රයෝජනයට ගනිමිනි. නමුත් චීනයේ නවීකරණ වැඩසටහන සිය භූමිය තුළින්ම උපයා ගත ආර්ථීක සම්පත් දායක කරගනිමින්‍ සිදු කිරීම ඉතා සුවිශේෂී බව හෙතෙම කියාසිටී.  පසුගිය වසර දහය තුළ චීනයේ දළ දේශීය නිෂ්පාදන වටිනාකම් චීන යුවාන් ට්‍රිලියන 54 සිය ට්‍රිලියන 121ක් දක්වා වර්ධනය වී ඇත. ඊට සාපේක්ෂව ඒක පුද්ගල දළ දේශීය නිෂ්පාදන වටිනාකම් ද අඛණ්ඩව වර්ධනය වී ඇත. චීන ජනාධිපති ෂී ජින් පිං මහතාගේ නායකත්වය හරහා මේ සියලු ජයග්‍රහණයන් ලබා ගැනීමට චීනයට හැකි වූ බව වෛද්‍ය ජී. වීරසිංහ මහතා වැඩිදුරටත් අවධාරණය කරයි.

ගුවන් විදුලිය
20240425බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම