ජර්මන් චන්සල්වරයා හා චීන විදේශ ඇමතිවරයා අතර හමුවක්
2023-05-11 11:13:35
Share with:

ජර්මානු චන්සල් Olaf Scholz මහතා චීන විදේශ අමාත්‍ය Qin Gang මහතා හමු වෙයි. හමුව ඊයේ(10) බර්ලින් නුවර දී සිදු විය.

බහුධ්‍රැවකරණය යටතේ, විවිධ පාර්ශ්වයන් සමානත්මතාවයේ රැඳී සිටිමින් ලෝක සාමය පොදුවේ සුරැකිය යුතු බව Olaf Scholz මහතා එහිදී පැවසීය. චීනයේ කාර්යභාරයන් හා නිසි බලපෑම් ජර්මනිය ‍වැදගත් කොට සලකයි. යුක්රේන අර්බුදය ඇතුළු ප්‍රධාන ගැටළු සම්බන්ධයෙන් චීනය සමග සිදු කරන අදහස් හුවමාරු තහවුරු කිරීමට ජර්මනිය සූදානම් බව හෙතෙම කියා සිටී.

චීන විදේශ අමාත්‍ය Qin Gang මහතා එහිදී පැවසුවේ ෂී ජින් පිං මහතා ‘ තත්ත්වයන් පෙර නොවූ විරූ අයුරින් වෙනස් වීම ’ යන උපායමාර්ගික දැක්ම ඉදිරිපත් කර ඇති බවයි. ‘ ගෝලීය වශයෙන් යුගයේ පරිවර්තනය ’ යන සංකල්පය Olaf Scholz චන්සල්වරයා විසින් ඉදිරිපත් කරනු ලැබීය. සංකල්ප දෙක අතර සංහිඳියාවක් පවතී. නොසන්සුන් ලෝකය හමුවේ, අභියෝගයන්ට මුහුණ දීමට ජගත් ප්‍රජාව පොදු ප්‍රයත්න දැරිය යුතු ය. චීනය හා ජර්මනිය අතර රාජ්‍ය මට්ටමේ 7වැනි සාකච්ඡා වටයේ සූදානම් කටයුතු වෙනුවෙන් පෙනී සිටීම තම ජර්මානු නිල සංචාරයේ ප්‍රධාන අරමුණ බව චීන විදේශ ඇමතිවරයා කීය. ජර්මනිය සමග එක්ව, එහි සූදානම් කටයුතු වලට ප්‍රශස්ත ගාමක පිටුබලයක් ලබා දිය හැකි වෙතැයි චීනයේ අපේක්ෂාවයි. යුක්රේන අර්බුදය සම්බන්ධයෙන්, සටන් විරාමයක් හැකි ඉක්මනින් ඉටු කර සාකච්ඡා මාර්ග වලින් ගැටළු විසඳිය හැකි වෙතැයි චීනය අපේක්ෂා කරන බව ද චීන විදේශ අමාත්‍යවරයා කියා සිටී.

ගුවන් විදුලිය
20240426සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම