චීන රාජ්‍ය මණ්ඩල සාමාජික සහ විදේශ අමාත්‍ය Qin Gang මහතා ප්‍රංශ විදේශ අමාත්‍ය Catherine Colonna මහත්මිය හමුවෙයි. එම හමුව ඊයේ(10) පැරිසියේදී පැවැති චීන-ප්‍රංශ මානුෂික හා සංස්කෘතික හුවමාරු පිළිබඳ ඉහළ පෙළේ සාකච්ඡාවට සමගාමීව සිදු කෙරිණ.
චීනය සහ ප්‍රංශය අතර රාජ්‍ය තාන්ත්‍රික සබඳතා පිහිටුවීමේ 60 වැනි සංවත්සරය චීන ප්‍රංශ සබඳතා නව තලයකට තල්ලු කිරීමේ අවස්ථාවක් ලෙස ගැනීමට ජනාධිපති Emmanuel Macron මහතාගේ චීන සංචාරයේදී රාජ්‍ය නායකයන් දෙදෙනා එකඟ වූ බව Qin Gang මහතා පැවසීය. සංකීර්ණ ජාත්‍යන්තර තත්ත්වයට මුහුණ දී, විචිත්‍රවත් ශිෂ්ටාචාර ඇති පුරාණ රටවල් ලෙස, සංස්කෘතීන් සහ ශිෂ්ටාචාරයන් අතර අන්‍යෝන්‍ය ගෞරවය සහ ඉවසීම ප්‍රවර්ධනය කරමින් ලෝකවාසී ජනතාවගේ හදවත් තුළ සාමයේ බීජ වැපිරීමේ වගකීම චීනයට සහ ප්‍රංශයට ඇති බව හෙතෙම පෙන්වා දුන්නේය.
දෙරටේ මානුෂික හා සංස්කෘතික හුවමාරු සඳහා විශාල වැදගත්කමක් ලබා දෙන බව පවසමින් Catherine Colonna මහත්මිය චීනයේ යෝජනාවට එකඟ වූවාය. ලබන වසරේ දෙරට අතර රාජ්‍ය තාන්ත්‍රික සබඳතා පිහිටුවීමේ 60 වැනි සංවත්සරය වන අතර ඔලිම්පික් ක්‍රීඩා උළෙල ප්‍රංශය විසින් පවත්වනු ලැබේ. රාජ්‍ය තාන්ත්‍රික සබඳතා පිහිටුවීමේ 60 වැනි සංවත්සරය සැමරීම සහ සංචාරක, ක්‍රීඩා සහ අනෙකුත් ක්ෂේත්‍රවල සහයෝගිතාව වැඩි දියුණු කිරීම ප්‍රවර්ධනය කිරීම සඳහා චීනය සමඟ එක්ව කටයුතු කිරීමට තමන් කැමැත්තෙන් සිටින බව ඇය වැඩිදුරටත් පැවසුවාය.