පශ්චාත් යුධ ජාත්‍යන්තර පර්යාය පවත්වාගෙන යා යුතු අතර චීනයේ ජාතික යලි එක්වීම සාක්ෂාත් කරගත යුතු බව චීනය පවසයි
2023-05-11 10:42:05
Share with:

චීන රාජ්‍ය මණ්ඩල සාමාජික හා විදේශ ඇමති Qin Gang මහතා ඊයේ(10) ජර්මනියේ Berlin නුවර හි Potsdam සමුළුව පැවති ස්ථානය  නරඹමින් දේශනයක් කළේ ය.

ඔහු එහිදී පෙන්වා දුන්නේ, 1945 වසරේ පැවැත්වූ Potsdam සමුළුව දෙවන ලෝක යුද්ධයෙන් පසු ජාත්‍යන්තර පර්යාය ස්ථාපිත කිරීමේදී වැදගත් කාර්යභාරයක් ඉටු කර ඇති බවයි. මෙය චීන ජනතාවට විශේෂ ඓතිහාසික වැදගත්කමකින් යුතු වෙයි. එම සමුළුවට පසු Potsdam නිවේදනයෙන් නැවතත් අවධාරණය කළේ, තායිවානය ඇතුළු ජපානය විසින් සොරාගත් චීන භූමිය නැවත චීනයට ලබා දිය යුතු බවයි.

නීති මත පදනම් වූ ජාත්‍යන්තර පිළිවෙලක් පවත්වාගෙන යන බව වත්මන් ඇමරිකාව පවසන නමුත්, එම වසරේ ඔහු තමා විසින්ම කෙටුම්පත් කළ පොට්ස්ඩෑම් ප්‍රකාශය අමතක කර තිබේ. වත්මන් ඇමරිකානු රජය "තායිවාන බෙදුම්වාදී බලවේගවල" ක්‍රියාකාරකම් වලට සහය දක්වන අතර, චීනයේ ස්වෛරීත්වයට සහ භෞමික අඛණ්ඩතාවට හානි සිදු කරයි.

පශ්චාත් යුධ ජාත්‍යන්තර පර්යාය පවත්වාගෙන යා යුතු බවත්, චීනයේ ජාතික යලි එක්වීම සාක්ෂාත් කරගත යුතු බවත්, Qin Gang මහතා එහිදී අවධාරණය කළේ ය.

ගුවන් විදුලිය
20240425බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම