සිරියාවේ තත්ත්වය පිළිබඳව රුසියාව, සිරියාව, තුර්කිය හා ඉරානය ඇතුළු රටවල් හතරේ විදේශ ඇමතිවරුන් අතර හමුවක්
2023-05-11 09:56:50
Share with:

සිරියාවේ තත්ත්වය පිළිබඳව රුසියාව, සිරියාව, තුර්කිය හා ඉරානය ඇතුළු රටවල් හතරේ විදේශ ඇමතිවරු හමුවක් පවත්වති.

එම හමුව ඊයේ(10) රුසියාවේ මොස්කව් අගනුවරදී පැවැත්විණ. තුර්කිය හා සිරියාව අතර සබඳතාව සාමාන්‍යකරණය කිරීම හා සිරියාවේ තත්ත්වය යනාදී ප්‍රශ්න පිළිබඳ රුසියාව, සිරියාව, තුර්කිය හා ඉරානය ඇතුළු රටවල් හතරේ විදේශ ඇමතිවරු එහිදී අදහස් හුවමාරු කර ගත්හ.

මෙම සමුළුව, සිරියා තුර්කි සබඳතාව සාමාන්‍යකරණය කිරීම පිළිබඳ විවිධ රටවල නායකයන්ගේ යෝජනා ක්‍රියාවට නැංවීමේ කොටසක් බවට පත් වන බව රුසියා විදේශ ඇමති Sergey Lavrov මහතා එහිදී පැවසීය. සිරියා තුර්කි සබඳතාව සාමාන්‍යකරණය කිරීම, සිරියාව හා මැද පෙරදිග ප්‍රදේශයේ තත්ත්වයට සක්‍රීය බලපෑමක්  එල්ල කරනු ඇතැයි හෙතෙම කීය.

එම සමුළුවේදී රටවල් 4රේ විදේශ ඇමතිවරු යළි ප්‍රකාශ කළේ සිරියාවේ ස්වාධිපත්‍යය හා භෞමික අඛණ්ඩතාව අනුගමනය කිරීම, ඕනෑ ම ආකාරයේ ත්‍රස්තවාදය මර්දනය කිරීමට සිරියාව වෙත ජාත්‍යන්තර ආධාර වැඩි කළ යුතු බවයි. මෙම සමුළුව සක්‍රීය මෙන්ම අර්ථකාරී බව ඔවුන්ගේ අදහස වී තිබේ. ඉදිරියේ දී අඛණ්ඩව රටවල් ‍හතරේ සහභාගීත්වයෙන් උසස් පෙළේ හමුවීම් හා තාක්ෂණ සාකච්ඡා පැවැත්වීමට ඔහුවු එකඟ වී සිටිති.

ගුවන් විදුලිය
20240415සඳුදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම