පළාත් සභා සංශෝධන පනත් කෙටුම්පත ගැසට් කෙරේ
2023-05-11 17:11:16
Share with:

පළාත් සභා මැතිවරණ සංශෝධන පනත් කෙටුම්පත ගැසට් මඟින් ප්‍රකාශයට පත්කර තිබේ. ඒ අනුව 2017 අංක 17 දරණ පළාත් සභා මැතිවරණ සංශෝධන පනත මෙම නව පනත් කෙටුම්පත මඟින් අහෝසි වීම සිදුවේ.

 මෙම පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර සම්මත වුවහොත්, පැරණි ඡන්ද ක්‍රමයට පළාත් සභා මැතිවරණය පැවැත්වීමට හැකියාව පවතින බව වාර්තා වේ. පෞද්ගලික මන්ත්‍රී යෝජනාවක් ලෙස යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ.සුමන්තිරන් මහතා විසින් එම පනත් කෙටුම්පත ඉදිරිපත් කෙරිණ.

මේ අතර දේශීය ආදායම් සංශෝධන පනත් කෙටුම්පතට කථානායකවරයා සිය අනුමැතිය ලබා දී තිබේ. අදාළ පනත් කෙටුම්පත පසුගිය අප්‍රේල් 28 වන දින පාර්ලිමේන්තුවේ දී සම්මත වුණි. ඒ අනුව දේශීය ආදායම් සංශෝධන පනත් කෙටුම්පත 2023 අංක 04 දේශීය ආදායම් සංශෝධන පනත වශයෙන් බලාත්මක වනු ඇත.

ගුවන් විදුලිය
20240419සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම