අදාළ පාර්ශ්වයන් ඊශ්‍රායල-පලස්තීන ගැටුම උත්සන්න කිරීම වහාම නතර කරන ලෙස චීනයෙන් ඉල්ලීමක්
2023-05-11 16:29:24
Share with:

අදාළ පාර්ශ්වයන් ඊශ්‍රායල-පලස්තීන ගැටුම උත්සන්න කිරීම වහාම නතර කරන ලෙස චීනය ඉල්ලීමක් කරයි. ඊයේ (10) ඊශ්‍රායලය නැවතත් ගාසා තීරයට ගුවන් ප්‍රහාරයක් එල්ල කළ අතර, එම ප්‍රහාරයෙන් ජීවිත හානි සහ ජනතාවට තුවාල සිදුව ඇත.

සටන් විරාමයක් ඇරඹීමට ඊජිප්තුව කැපවෙමින් සිටී. මේ සම්බන්ධයෙන් චීන විදේශ අමාත්‍යංශ ප්‍රකාශක Wang Wenbin මහතා අද (11) පැවති මාධ්‍ය හමුවේදී අදහස් දැක්වීය.

උග්‍ර වූ ගැටුම හේතුවෙන් අහිංසක සිවිල් වැසියන් මිය යාම පිළිබඳව චීනය කනස්සල්ලට පත්ව සිටින බව හෙතෙම පැවසීය. තත්ත්වය තවදුරටත් උග්‍ර වීම වැළැක්වීම සඳහා, අදාළ පාර්ශ්වයන්, විශේෂයෙන්ම ඊශ්‍රායලය, උපරිම සංයමයෙන් යුතුව කටයුතු කරන ලෙසත්, වහාම සටන් විරාමයකට එළඹෙන ලෙසත් Wang Wenbin මහතා ඉල්ලා සිටියේය. ගැටුම විසඳා ගැනීමට ඊජිප්තුවේ මැදිහත්වීම චීනය අගය කරයි. පවතින තත්ත්වය සමනය කර ගැනීමට ජාත්‍යන්තර ප්‍රජාව, විශේෂයෙන් බලගතු රටවල් ඵලදායී කාර්යභාරයක් ඉටු කරන ලෙස හෙතෙම, ඉල්ලා සිටියේය.

ගුවන් විදුලිය
20240417බදාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම